ඉතිං කොහොමද යාලුවනේ, ඔන්න අරගෙන ආවා තව ලස්සන බයිස්කෝප් එකක්. මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඔනෙ මට මේකට සබ් කරන්න කියල භාර දුන්න හසිත වික්‍රමරත්න සහෝදරයට. භාර අරන් ටික දවසක් වුණා, විභාග කටයුතු එක්ක මේ වැඩේට වෙලාවක් වෙන කරගන්න අමාරු වුණු නිසා තමයි පොඩ්ඩක් පරක්කු වුණේ. කොහොමහරි ඔන්න මං වැඩේ ඉවර කළා.
හරි කතාව පැත්තට හැරුණොත් මේක වැනීසියේ පුද්ගලික රහස් පරීක්ෂකයෙක් සහ ඔහුගෙ සහයකය වටා ගෙතෙන කතාවක්. මේ දෙන්නට බාර වෙන්නෙ හරි හරි කේස් තමා. මං කතාව ගැන මීට වඩා මොකුත් කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්නකො. ආහ් කතා නායකයගෙ බල්ල කතා නායකයටත් වඩා ලොකු චරිතයක් කියලත් මට නිකමට හිතෙනව. මේකෙ හාස්‍ය රසයත් අඩුවක් නැතුව තියෙනව කියල කියන්න පුළුවන්.
හරි මේක 2017 වර්ෂයේ නිකුත් කරපු චිත්‍රපටයක්. IMDb අගය 5.8ක් විදියට තමා සටහන් වෙලා තියෙන්නෙ. Action, Thriller, Comedy කියන කාණ්ඩ යටතේ තමා මේක වර්ගීකරණය වෙන්නෙ. ඉතිං වැරදි අඩුපාඩු තියෙනවනම් පහළින් කොමෙන්ටුවකින් ඒ ගැන කියාගෙනම යන්න. ඒක මට ලොකු උදව්වක් වේවි ඉස්සරහට සබ් ලියනකොට.
එහෙනම් මේකත් ට්‍රයි කරල බලන්න කියල ආරධනා කරනව.
බයිස්කෝප්වාසී හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Once.Upon.a.Time.in.Venice.2017.1080p.BluRay.x264.DTS-LOST
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
370 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.