සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ සතියෙ මේ එපිය පරක්කු. ලබන සතියෙ ඉඳන් පුරුදු විදිහටම බදාදා උදේ වෙන්න කළින් එපිය දෙනවා. ඒ නිසා මේ සතියට විතරක් සමාවෙන්න කට්ටිය.
ඉතින් ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ජිම් තමා වැරදි නෑ කියලා ඔප්පු කරනවනේ. අන්තිමට ඉතින් නිග්මව අහුවෙනවා. එයා ආකම්වලට යනවා. මේ සතියෙ තමා හොඳම එපිය තියෙන්නෙ. හැම එපියම හොඳයි, හැබැයි අද එපියේ තවත් ප්‍රබල හතුරෙක් එනවා. ඒ තමා ඇස්රයෙල්. කවුද එතකොට මේ ඇස්රයෙල් වෙන්නෙ. ඒක මම නොකියා ඉන්නම්. ඔන්න අද එපියේ අපිට මිස්ටර් ෆ්‍රීස් එයාගෙ අළුත්ම ඇඳුමත් ඇඳගෙන වැඩ පටන් ගන්නවා දකින්න පුළුවන්. අද ඔන්න බෲස්ගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනවා. ඒ කියන්නෙ බෲස්ගෙ අම්මවයි තාත්තවයි මැරුවෙ කවුද කියලා හොයාගන්නවා. එහෙනම් සුපර්ගර්ල් එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජයවේවා…!!!
ප.ලි: ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ වුණේ නම් මුද්දරය. හැබැයි හුඟක් අය හිත, ගුවන් නියමුවා වගේ උත්තරත් දීලා තිබුණා. ඒ නිසා ඒ ප්‍රෙහෙලිකාව පොඩ්ඩක් පැටළිලි සහිතයි වගේ. ඔන්න එහෙනම් අද එක බලන්නකෝ පොඩ්ඩක්
” මං ළග නගර තියෙනවා, හැබැයි ගෙවල් නෑ.
මං ළඟ වැව් තියෙනවා, හැබැයි වතුර නෑ.
මං ළඟ කැලෑ තියෙනවා, හැබැයි ගස් නෑ.
මං ළඟ කඳු තියෙනවා, හැබැයි ගල් එහෙම නෑ.
මම මොකද්ද??? “
1127 downloads