Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dirty Grandpa (2016) with Sinhala Subtitles |නරක සීයා! (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Dirty Grandpa (2016)

එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ. මිනිත්තු 102ක් පුරා දිවෙන මේ ෆිලුමට imdb අගය 6.1ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Robert De Niro (සීයා) සහ සුපිරි කොමඩි නළුවෙක් වන Zac Efron (මුණුබුරා). මෙහෙම තමයි කතාවේ මූලික තොරතුරු. බලමු එහෙනම් කතාව මොනවගේද කියලා.

ජේසන්(මුණුබුරා) කියන්නේ ටික දවසකින් විවාහ වෙන්න ඉන්න කොල්ලෙක්. ඔහු සමාගමක නීතිඥයෙක් විදියට සේවය කරන කෙනෙක්. මේ විදියට දේවල් වෙන අතරේදී තමයි එයාගේ ආච්චි නැතිවෙන්නේ. ඉතින් කතාව ආරම්භවෙන්නේ ආච්චිගේ අවමංගල්‍ය සිද්ධියත් එක්ක. එතකොට මේ ආච්චිගේ ස්වාමියාට එහෙම නැත්නම් කතාවේ ප්‍රධාන චරිතයක් වන සීයට ඕනවෙනවා ෆ්ලොරිඩාවලට යන්න. හැබැයි ඉතින් සීයගේ රියදුරු බලපත්‍ර අවලංගු කරලා. කොහොමවුනත් සීයාට ඕනකරන්නේ මුණුබුරාට කියලම ෆ්ලොරිඩාවලට ඇරලවගන්න. ඒකට හේතුව කතාව මැදදී බලාගන්න පුළුවන්. කොහොමහරි විවාහයත් අතලඟ තියෙද්දී සීයා කොහොමහරි ගමනට මුණුබුරාව එකතුකරගන්නවා. හැබැයි ඉතින් අනිත් දවසෙම සීයාව ඇරලලා ගෙදර එන්න හිතාගෙන හිටපු මුණුබුරාට එච්චර කලින් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. ගමන පටන්ගත්ත වෙලාවේ ඉදලම සීයගේ පිස්සු වැඩ බලාගන්න පුළුවන්. ජේසන්ට පුදුම කරදර වලට තමයි මුහුණදෙන්න වෙන්නේ. ඒ අතර තවත් කතාවකුත් තියෙනවා. ඒවගේම සීයා මේ ගමනට ජේසන්වම එකතුකරගන්නත් හේතුවක් තියෙනවා. ඒවා මොනාද? කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ. මුළු කතාවම කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. කොමඩි බලන අයටනම් මේක නියම ෆිලුමක්. එහෙනම් හැමෝටම චිත්‍රපටියත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Kill Your Friends (2015) on IMDb

 

 

750 MB (720p.HDRip) කොපිය මෙතනින් බාගන්න

148dff4d5a4b8946094027bfa2bbaef2632ddf13
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>