ඔන්න එහෙනම් අද සුපර්ගර්ල් පළවෙනි සීසන් ඒකෙ අවසාන කොටස අරගෙන ආවා. ඔව් පරක්කුයි හුඟක්. මොනා කරන්නද ඉතින්. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ඔව්, කට්ටිය මිරියාඩ් එකට අහුවෙලානේ හිටියෙ. හැමෝම රොබෝලා වගේ නොන්ගෙ කීමට වැඩ කරනවා. ඉතින් මේකෙන් බේරිලා හිටිය කාරගෙ අක්කා, ඇලෙක්ස්වත් අන්තිමට මේ මිරියාඩ් එකට අහුවෙනවනේ. ඊට පස්සෙ නොන් එයාව එවනවා කාරව මරන්න. ඔන්න එතනින් තමා ගිය සතියෙ එපිය ඉවර වුණේ. අද පටන් ගන්නෙ එතන ඉඳන්. හැබැයි සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට පස්සෙ පෘතුවියේ ඉන්න මිනිස්සුන්ව මරන්න තීරණය කරනවා. මිරියාඩ් එකේ සංඛ්‍යාතය වැඩි කරලා. දැන් ඉතින් මොකද කරන්නෙ? මේක කොහොම හරි නවත්තන්න වෙනවා. මම කියනවටම වඩා හොඳයි ඔයාලම බලන එක. අන්තිමේදි අපිට පොඩි කුතුහලයක් ඉතුරු කරලයි මේ සීසන් එක ඉවර වෙන්නෙ. අන්තිමට එන කාරගේ යානයට සමාන යානයේ ඉන්නෙ කවුද??? මට නිකමට හිතෙනවා, මං කියන්නෙ නිකමට හිතෙනවා සුපර්බෝයි කියලා. හැබැයි ඉතින් අපිට එක හරියටම දැනගන්න දෙවැනි සීසන් එක එනකම් ඉන්න වෙනවා. ඉවසලා ඉමුනේ එහෙනම්.
ඉතින් අද අන්තිම සීසන් ඒකෙ මේ ටිකත් කියන්න ඕන කියලා හිතුනා. ඇත්තටම සුපර්ගර්ල් එක කරන්න භාරගත්තෙ මම නෙවෙයි. මේක නිර්මාණි අක්කගෙ සබ් කරන කතාව. ඒත් එයාගෙ අධ්‍යාපන වැඩ නිසා මට බාරගන්න කිවුවා. ඉතින් මං භාරගත්තා. මං කරන්න ගත්තෙ 10 වෙනි එපියෙ ඉඳලා. ඒ කියන්නෙ හරියටම සීසන් එකෙන් භාගයක් මං භාගයක් කාටූන් අක්කා. ඉතින් මං කරන ගෝතම් එකත් එන්නෙ මේක එන දවසෙම නිසා මේක දෙන්න හුඟක්ම පරක්කු වෙනවා. ඉතින් බය වෙන්න එපා. මේකේ දෙවැනි සීසන් එක අරගෙන එන්න මම නෙවෙයි. සුපුරුදු කෙනා, ඒ කියන්නෙ කාටූන් අක්කා බාරගත්තා දෙවැනි සීසන් එක කරන්න. එයාට බැරි වුණොත් සයිට් එකේ මට වඩා හුඟාක් හොඳ වෙනත් උපසිරසිකරුවෙක් ඔයාලට නියම වෙලාවට සුපර්ගර්ල් අරගෙන ඒවි. ඒ වුණාට කාරා කෙල්ලව දාලා යන්නත් දුකයි අප්පා…හෙ හේ… අනික මේ කරපු එපි ටිකේ සුළු සුළු අඩුපාඩු තියෙන්න ඇති. මට මතක විදිහටත් තිබුණා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න කියලා කියනවා. දෙවැනි සීසන් එකේදි ඔයාලට උපසිරසිය ගේන කෙනා අතින් එහෙම වෙන එකක් නෑ. එහෙනම් සුපර්ගර්ල් සම්බන්ධ මගේ වැඩකොටස ඉවරයි. මෙච්චර කල් සුපර්ගර්ල් එක්ක රැඳිලා හිටපු බයිස්කෝප් රසිකයින්ටත් බොහොමත්ම ස්තූතියි. හෙ හෙ… එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
2009 downloads
<< Previous Episode All Episodes Season 2 Coming Soon