“එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතේ කියල,
එකකට එකක් සම්බන්ධ නැති, මෙන්න මේකයි කියන්න හේතුවක්ද නැති දේට මිනිස්සු කියන්නේ ආදරේ කියල.”
~ සමනළ සංධවනිය
” ජිවිතේ කියන්නේ හැම වෙලේම තීරණ එක්ක ගැටෙන දෙයක්. අපි කුමන මාවත තොරගන්නේද යන්න මත අපේ ඉදිරි ජිවිතේ තීරණය වෙනව. අපි ගන්න සමහර පුංචි තීරණයකට පුළුවන් අපේ ඉදිරි ජීවිතය විශාල ආකාරකට වෙනස් කරන්න. මමත් එහෙම තීරණයක් ගත්ත, හැම තැනම දුවපු හිතක් එකපාරටම කතා කරන ඇස් දෙකක් ළඟ නැවතුනා. ඒ ඇසිල්ලේම මට තේරුම් ගියා මේ තමා කෙනා කියල. අනෙකාගේ හිත දිනාගෙන සිටීමට මාතුල නොමැති මවිසින් මවාපෙන්වන මාගේ ප්‍රතිරූපයක් නඩත්තු කිරීමකින් තොරව මට මා ලෙසින් අනෙකා ඉදිරිපිට සිටිය හැකි අයෙක්. මං විස්වාස කරනව අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නව කියල. මගේ හිතත් එක පාරම නැවතුනේ අන්න ඒ කෙනා ළඟ. හැබැයි ඒ කෙනා ඒ වෙනකොට වෙන කෙනෙක්ගේ. දෛවය විසින් මට හිමි කෙනාව මගේ දෑස මානයටම ගෙනවිත් දී තිබුණද ඇය මගේ කරගැන්මට බාධකයක් දමා තිබුනේද දෛවය විසින්මයි. මම තීරණය කළා මගේ දෛවය මවිසින්ම ලිවියයුතු බව. මවිසින් එක් මාවතක් තෝරාගනු ලැබුවා.. ඒ මාර්ගය තෝරාගනු ලැබුවේ මාගේ ජිවිතේ ඉදිරි කාලයම තීරණය වන්නෙ එය මත බව නොදැන නොවේ නමුත් අවසන අනෙකාගේ ප්‍රතිචාරය කුමක් වේද…? “
බයිස්කෝප් අඩවියට ගොඩ වදින බොහොමයක් දෙනාට හුරු පුරුදු නමක් තමා නිකලස් ස්පාක්ස් කියන්නේ, ඉතින් මේ සිනමාපටයත් ඔහුගේ ආදර කතාවක් ඇසුරින් නිමවුන ලස්සන රොමැන්ටික් සිනමාපටයක්, IMDB 6.2ක අගයක් අරගන්න මේ සිනමාපටය සමත්වෙලා තියනවා, ප්‍රධාන චරිත වශයෙන් Abraham Lincoln: Vampire Hunter (2012) , In the Heart of the Sea (2015) වැනි සිමනාපට සඳහා රන්ගනයෙක් දායකවූ Benjamin Walker ට්‍රැවිස් ලෙසින්ද. The Sorcerer’s Apprentice (2010) . I Am Number Four I Am Number Four (2011) , Warm Bodies (2013) වැනි සිනමාපට සඳහා රංගනයෙන් දායක වි ඇති සුරූපී Teresa Palmer ගැබි ලෙසත් දායක වෙනවා. මේක නිකලස් ස්පාක්ස්ගේ කෘතියක් ඇසුරින් නිමවෙන අවසාන සිනමාපටය වියහැකියි. ඒ වගේම ඔහුගේ කෘති ඇසුරින් නිමවුන රෝමාන්තික සිනමාපට පෙලම සිංහල උපසිරසි එක්ක අපේ අඩවියේ තියනව. බලල නැති අය ඉන්නවනම් බලන්න බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ. අපි ගිහින් එන්නම් ජය!
- Message in a Bottle (1999)
- A Walk to Remember (2002)
- The Notebook (2004)
- Nights in Rodanthe (2008)
- Dear John (2010)
- The Last Song (2010)
- The Lucky One (2012)
- Safe Haven (2013)
- The Best Of Me 2014
- The Longest Ride 2015
” Caring about someone beyond all rationality and wanting them to have everything they want, no matter how much it destroy you…
It’s Love! “
966 downloads