කළින් කොටසෙ මතකනෙ මොකද වුණේ කියලා. මැට්, ෆොගී, කැරන් දෙන්නා එකතු වෙලා කොහොම හරි ෆ්‍රෑන්ක්ව බේරගන්නයි හදන්නෙ. ඒත් අන්තිමට ෆ්‍රෑන්ක් උසාවියෙදි පිස්සු නටන්න ගත්තනේ. ඒකට හේතුව එපියෙ අන්තිමට ඔයාලා දකින්න ඇතිනේ. ඔව්, මුල් සීසන් එකේ හතුරා වෙච්ච විල්සන් ෆිස්ක්ගෙ වැඩක් තමා ඒක. අද එපියෙ බලාගන්න පුළුවන් විල්සන් ෆිස්ක්ට මොකටද පනිෂර්ව ඕන වුණේ කියලා. පනිෂර්ට අද ලොකු කොන්ත්‍රාත්තුවක් කරන්න තියෙනවා ෆිස්ක් වෙනුවෙන්.ඔන්න මැට්ට අන්තිමට අර හස්තයේ (The Hand) සාමාජිකයෙක්ගෙන් ඊතල පාරක් කන්න වුණානේ. ඊතල පාර කාගෙන මූ සටන් කරපු විදිහ දැක්කම හිතෙනවා මූ නම් යකෙක්ම තමා කියලා. අන්තිමට ඒ ඊතලේ විස නිසා මැට්ට සිහිය නැති වෙනවනේ. ඔන්න ඊට පස්සේ අද තමා මැට්ට සිහිය එන්නෙ. දැන් ඉතින් ස්ටික් එහෙමත් මැට්ගෙ ගෙදරින් ගිහිල්ලනෙ ඉන්නෙ. මතකනෙ, ගිය එපියෙන් මැට්-කැරන් ලව් එකත් කැඩිලා ගියා. පව් ඉතින් අසරණ මැට්. අනුන්ට උදව්කරන වැඩෙන් කොල්ලා විඳින දුකක්. Marvel, DC කියලා වෙනසක් නම් නෑ වගේ. දෙකේම වීරයගෙ ලව ඉෂ්ඨ නොවෙන එක පොදු දෙයක් වගේ… හෙ හේ…
. ඉතින් කැරන්ට අද තවත්
සාක්ෂි වගයක් හම්බෙනවා මේ කාස්ට්ල් සිදුවීම සම්බන්ධව. මේ අතරෙ මැට් ඩෙයාඩෙවිල් කිට ගහගෙන හස්තය ගැන හොයන්න යනකොට ඔන්න තවත් අළුත් දෙයක් හම්බෙනවා. ඒ වගේම එතනදි ඩෙයාඩෙවිල් බලාපොරොත්තු නොවෙච්ච කෙනෙක්වත් ආයෙම හම්බවෙනවා. හම්ම්… කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට ආයෙම පණ ඇවිල්ලා කියලා. කොහොමින් කොහොම හරි අන්තිමට කැරන්ට මැරිච්ච බෙන් යුරික්ගෙ කාර්යාලයේ ඉඳන් මේ කාස්ට්ල් විමර්ශනය කරගෙන යන්න ඔන්න අද ඉඳන් බුලටින් ඒකෙ ලොක්කගෙ අවසරයත් හම්බෙනවා. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
494 downloads
<< Previous Episode All Episodes Next Episode >>