Image may be NSFW.
Clik here to view.
මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ.
කොහොම හරි ෆ්ලෑෂ් ටිම් එක බෙරීගේ වේගය තවත් වැඩි කරගන්න උපකරණයක් හදනවා. ඒකෙන් බෙරීගේ වේගය හතර ගුණයකින් වැඩි වෙලා. මේ වේගයෙන් බෙරීට අනිත් ලෝකයට නිකන්ම යන්න පුලුවන් වේවි. හැබැයි හැරී නම් මේකට අකමැති වෙනවා. මොකද සූම් ආයෙමත් ආවොත් මේ හැමෝටම කරදරයක් වෙයි කියලා එයාට හිතෙන නිසා. ඒත් ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ. බෙරී හිතන්නේ සිස්කෝට තියෙන රිවර්බ් බලය පාවිච්චි කරලා දෙවැනි ලෝකයට යන්න පාරක් හදාගන්න පුලුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඒකට සිස්කෝ උත්සහ කලත් මොකුත් වුනේ නම් නෑ. හැබැයි ජෝ කියපු නිසා හැරී බෙරීගේ මේ වැඩේට උදව් කරන්න උත්සහ කරනවා. ඒ විදියට හැරි සිස්කෝගේ රිවර්බ් බලය වැඩිවෙන්න හරියන කණ්ණාඩියක් හදනවා. හිතුවා වගේම ඒක හරි ගිහින් ලෝක දෙක අතර විවිරයක් ඇතිවෙනවා. ඒත් මේ වැඩෙන් සිස්කෝ බය වෙනවා. එයා හිතන්නේ මෙහෙම කලාම එයත් රිවර්බ් වගේ වෙයි කියලයි.
ඔය අතරේ වොලිට ජෝ සලකන විදිය ගැන නම් බෙරී එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. එයා කියනවා වොලිව ජෝලගේ ගෙදරට ගෙන්වා ගන්න කියලා. බෙරී කියපු නිසා ජෝ වොලිට ගෙදර කාමරයක් දෙනවා. ඉතින් වොලි සතුටින් ජෝගෙ ගෙදර නවතින්න එනවා. ඔය අතරේ සූම් විදියට ඉන්න ජේගෙ ඇත්ත නම හන්ටර් සොලමන් කියලා ඇරෝ ටිම් එක දැනගන්නවා. ඒ වගේම එයා භයානක අතීතයක් තියෙන අපරාධකාරයෙක් කියලත් මෙයාලට දැනගන්න පුලුවන් වෙනවා. කොහොම හරි මෙයාලා විවිරයක් විවෘත කරනවා. ඒ වෙලාවෙම සූමුත් මේ ලෝකයට එනවා. ඇවිත් බෙරීව අල්ලාගන්න පන්නනවා. බෙරී සූම්ව ලැබ් එකට එක්කගෙන ඇවිත් ජේගෙ අම්මගෙයි තාත්තගෙයි පින්තුර පෙන්වලා අවුල් කරනවා. ඒ වගේම සුම්ව කොටු කරගන්නවා. ඒ වුනාට සූම්ගේ බලය පාවිච්චි කරලා එයා පැනලා යනවා. බෙරීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ.
ඔය වෙලාවේ තමයි ජෝගෙ ගෙදරට කවුරු හරි පහර දිලා තියෙන්නේ. ඒ වගේම වොලිත් අතුරුදහන් වෙලා. එතකොටයි මෙයාලා දකින්නේ බෙරීගේ වේගය දුන්නොත් වොලිව නිදහස් කරනවා කියලා සූම් බිත්තියේ ලියලා තියන එක. ඉතින් කොහොම හරි බෙරී තිරණය කරනවා සූම්ට එයාගේ වේගය දිලා වොලිව නිදහස් කරගන්න. ඒ පණිඩිඩය සිස්කෝ ලවා සූම්ට කියනවා. ඒක ඇහිලා සූම් ඇවිත් බෙරීගේ වේගය හැරිගේ උදව්වෙන් ගන්නවා. එතකොට බෙරී සාමාන්‍ය කෙනෙක් වෙනවා. එයාගේ වේගය නැතිවෙනවා. එතකොට සූම් බෙරීව මරන්නයි හදන්නේ. හැබැයි කේට්ලන් කියන දේවල් නිසා එයා ඒක නවත්වනවා. ඒ වෙනුවට සූම් කේට්ලන්ව අරගෙන පැනලා දුවනවා.
බෙරීගේ වේගය නැතිවුනාට පස්සේ මොනවා වෙයිද? කේට්ලන්ට මොනවා වෙයිද? මේ කොටසින් අපි ඒක බලාගමු.. . . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
<< Previous Episode All Episodes Next Episode>>