Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S01:E13] with Sinhala Subtitles |තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer TV 2

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර කරන්න බැරි කතාවක් නිසාත් ගොඩක් අය මේකට ඇලුම් කරන නිසා.සබ ගේන්න පරක්කු උනා තමයි පහුගිය එපි තුන හතරම .ඒකට සමාවෙන්න ඕනි . ඒත් මම කොච්චර පරක්කු උනත් සබ බාගෙන තියන ප්‍රමාණයේ කිසි අඩුවක් උනේ නැහැ . බලමු අවසාන වශයෙන් අද කථාවට මොකද උනේ කියලා .

ඔයාලට මතකනේ පසුගිය කතාවෙදී වීදී උපදේශකවරයා ලක්ස් ක්ලබ් එක ඇතුලේ මැරිලා හිටියා .එතනට ආපු පරීක්ෂකතුමිය ලුසිෆර් ව අත්අඩංගුවට ගන්නවා. ඒත් මේවගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ ඒ මැල්කම් එයා මේ දේවල් කරේ ලුසිෆර් වෙනුවෙන් .

මෙවර කොටස :
එයා දැන් ඉන්නේ නිකන් පිස්සුවෙන් වගේ . ලුසිෆර් ක්ල්බ් එකේදී ඩ්‍රෙකර් අත්අඩංගුවට ගන්න යනකොට එයා නැතිවෙනවා. ඒ ඇමෙනඩිල් ගේ පිහිටෙන්. ඇමෙනඩිල් ට තේරුම් යනවා එයා මේ කරන වැඩෙන් වෙන්නේ අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි කියලා .ඒ නිසා එයා ලුසිෆර් එක්ක මිත්‍ර වෙලා මැල්කම් ව හොයන්න පටන්ගන්නවා. මේ අතර පරීක්ෂක ඩැන් ලුසිෆර් සාධාරණයක් කරන්න කියලා ඩ්‍රෙකර් කිව්ව නිසා එයාම පොලීසියට ගිහින් භාරවෙනවා.  මැල්කම් නගරයෙන් පිට වෙන්න සල්ලි හොයාගන්නකොට එතනට ලුසිෆර් ,ඇමෙනඩිල් ඇවිල්ලා ඒක විනාශ කරනවා . එතනදී සල්ලි ගන්න බැරිඋනත් මැල්කම් ඩ්‍රෙකර් ගේ දුවව කප්පමට අරගෙන ගන්න බැරිඋන සල්ලි ගන්න යනවා. ඩ්‍රෙකර් මේක කාටවත් කිව්වේ නැති උනත් ලුසිෆර් මෙයාගෙ පස්සෙන් එනවා එයාට නොදැනීම. සල්ලි , දුවයි දෙන්නා මාරුකරගත්තට පස්සේ මැල්කම් ඩ්‍රෙකර් ට වෙඩිතියන්න සැරසෙනවා. ලුසිෆර් එතනට ඇවිත් ඒක විසදනවා . නිසිතූලෙස මැල්කම් එතනදී ලුසිෆර්ට වෙඩිතියනවා . ලුසිෆර් ගාව අර පූජනීය කාසියත් නැහැනේ. එයාට නැවතත් අපායට යන්න සිද්ධවෙනවා.

ඔන්න ඔහොම තමයි කතාවේ අවසානයත් වෙන්නේ. ඒකත් ඔක්කොම කිව්වේ නැහැ මම . බලලම ඉන්න කතාවේ අන්තිමට ඇතිවන කුතුහලෙන් දෙවෙනි කතාමාලාවකට මගපෑදෙනවා කියලා කියන්න පුලුවන් ඒත් ලුසිෆර් දෙවන කතාමාලාවක් නිකුත් වෙනවා කියලානම් දැනට නිළ වශයෙන් නම් කියලා නැහැ . ඒ උනත් ෆොක්ස් නාලිකාවෙන් පොඩි කසුකුසුවක් යනවා කියලා තමයි ආරංචිය . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුවක් කල් ලුසිෆර් එක්ක ආදරෙන් බැදිලා හිටපු , සබ බාගත්තු , කමෙන්ට් කරපු , නොකරපු, දිරිමත් කරපු ,නොකරපු ඔයාලට ගොඩක්  ස්තූතියි කියලා තමයි . හරි එහෙනම් මේ ගෙනාපු කතාමාලාවේ අඩුපාඩු ,හොද තියනවනම් ඉතින්  කොටාගෙනම යන්න . මම එහෙනම් සමුගන්නවා . ලුසිෆර් කතාමාලාව සමගින් මෙතුවක් කල් රැදිසිටි ඔබ සැමට ස්තූතියි . නැවත උපසිරැසියකින් මුණගැහෙමු . ජය ශ්‍රී.!

        Some days even the devil
                     sits and admires my work

Lucifer (2015– ) on IMDb

 

 

205 MB (x264) කොපිය මෙතනින් බාගන්න

FD79A600ABD1D0954E69ADEAFA48692E7E9BFDB1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                         Next Season>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>