අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක් දකින්න නම් ලැබුනේ නෑ. ඒත් කතාවේ ගමන්මග වෙනස්ම ඉසව්වකට යොමු කරන සිදුවීමක් තමයි පසුගිය සතියේ සිද්ධ වුනේ. හයිව්ගේ බලපෑමෙන් ඩේසි ශීල්ඩ් එකට බරපතල හානි කරලා පෞරාණික ක්‍රී ගෝලයත් එක්කම, ටෙරිජන් ටිකත් බෑග් එකේ දාගෙන හයිව් ලඟට යනවා. එතැන් පටන් තමයි කතාවේ අවසානය ගිය සතියේදී දකින්න ලැබුනේ.
අද කතාවෙන් මේ සමයේ මුලදී අවසාන වතාවට දකින්න ලැබුණු චරිතයක් ආපහු එකතු වෙනවා. ඒ වගේම තමයි අද ශීල්ඩ් එක පිහිටුවන්නම හේතු අතරින් ප්‍රධාන හේතුවක් වුනු හයිඩ්‍රා සම්බන්ධවත් ලොකු සිද්ධියක් පෙන්නනවා. ඩේසි නැතුව කණ්ඩායමේ තිබුණු උද්‍යෝගය නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඩේසිව බේරගන්න කියලා ෆිට්ස්-සිමන්ස් දෙන්නා මූලිකව ප්‍රතිකාරයක් හොයාගන්න හැමෝම බොහෝම වෙහෙස මහන්සි වෙනවා. ඒ අතරේ හයිව් ඉදිරියට ලොකු සැලැස්මක් ගහනවා. බලමු නේද ඒ මොකක් ගැනද කියලා. දැනට පේන විදියට නම් මනුශ්‍යයින්ට හානියක් සිදු වෙන දෙයක් නෙමෙයි වගේ පේන්නේ. ඒත් වසර දහස් ගානකට කලින් ක්‍රී වරු පොලවේ කරපු පර්යේශණ නැවතත් පටන් ගන්නයි හදන්නේ.
ඉතිං අපි බලමු නේද මේ දේවල් කොහොමින් කොහොම ඉවරයක් වේවිද කියලා. ඒ ගැන දැනගන්න නම් ඉතිං දිගටම කතාව බලන්න වෙයි. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ වේවා !!!
895 downloads