පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා, ඒ වෙන කිසිම කෙනෙක් නෙමෙයි ඔහුගේ කලින් අණ දෙන නිලධාරියා, නඩුවේ දී ඔහු වෙනුවෙන් කතා කල පුද්ගලයා බව දැකලා මම වගේම ඔබත් පුදුම වෙන්න ඇති නෙව. කැරන්ගේ පත්තර රස්සාවත් ලේසි නැති බව දැක්කා නෙව. ඉතින් කතාව අවසාන වුනේ පනිෂර් එයාගේ නතවම අවි ගබධාව හොයාගෙන. අද එතන සිට….
දැන් ස්ටික් මැට් ගේ නිවසට ගෙනවිත් බෙහෙත් කරනවා, ඉලෙක්ට්‍රා හා මැට් ගේ අරමුණ වෙන්නේ නෝබු නතර කරන්න, එතන එක අමතක නොවෙන සටනක් අද ඔබට දකින්න ලැබේවි. ඒ වගේමයි නෝබු තමුන්ගේ පැත්තට බ්ලැක් ස්කයි ලබාගන්න තියන් එකම බධායක අයින් කරලා දාන්නත් වැඩ පිළිවෙලක් සකස් කරනවා, ඒකට කැරන් එහෙමත් මැදි වෙනවා. ඒ වගේමයි බොහොම දුක හිතෙන දෙයක් වෙනවා අවසානයේ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අද පනිෂර් තමුන්ගේ නිල වෙඩි නොවදින කබාද නිර්මාණය කරගන්නවා දකින්න පුළුවනි, ඒ වගේමයි අද බලාගන්න පුළුවනි ඉලෙක්ට්‍රා තමුන්ගේ නිල ඇඳුම ලබාගන්න හැටිත්, ඩෙයාඩෙවිල්ගේ බොහොම සුප්‍රසිද්ධ සෙල්ලම් බඩුවක් එයා අතට ලැබෙන හැටිත්…
ඒකි නොකී හැම දෙයක්ම බලාගන්න අද කොටසින්. මේ කොටසත් එකක් ඩෙයාඩෙවිල් දෙවන කතා සාමය අවසාන වෙනවා. නැවත ඉතින් ලූක් කේජ් එකක් තමයි අපි හමුවෙන්න එන්න තියෙන්නේ, එහෙනම් එතෙක් ඔබ සැමට ජය වේවා….
\
92 downloads
<< Previous Episode All Episodes Next Season >>