Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Evil Dead (1981) with Sinhala subtitles |අවාසනාවන්ත මරණය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Evil Dead (1981)

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කියනව උදෙන්ම, ඉතින් කොහොම හරි කොහොම හරි අවුරුදුත් ඉවර වුනා, හැමෝම ලස්සනට අවුරුදු සමරන්න ඇති කියලත් හිතනව, ඒ වගේම කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා පත්තර වලනම් තිබුනේ අනතුරු එමටයි කියල, කොහොම වුනත් ඉතින් සමහර වෙලාවට විනෝදය වැඩි වුනාමත් එහෙම දේවල් වෙන්න පුළුවන්, එයාලට ඉක්මනට සනීප වෙන්න කියල අපි හිතමු.

කොහොම හරි ඉතින් ටික දවසකට පස්සෙ හොයා ගත්ත ටිකක් බය හිතෙන ෆිල්ම් එකක්, ටිකක් කිවුවට අනේ මන්ද, රෑට නම් මේ සබ් එක මට හදන්න හිතුනෙම නෑ, ඉතින් හිතා ගන්නකො, කොහොම වුනත් මේ ෆිල්ම් එක සෑහෙන පරණ ෆිල්ම් එකක්, ඔයාල සමහර විට බලලත් ඇති, ෆිල්ම් එක එක නිදහස් වෙලා තියෙන්නෙ 1981 ඔක්තෝබර් මාසෙ 15 වෙනිද, ෆිල්ම් එකේ IMDB අගය 7.6 ක ඉහළ අගයක් තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි Bruce Campbell, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sam Raimi කියල කෙනෙක්, සබ් එකේ අවුලක් තිබුනොත් එකෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක ගැන මේ විදිහට කියන්නම්, ඉතින් මේ Bruce අයියට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ‘ඈෂ්’ කියල, එයා යාලුවො සෙට් එකක් එක්ක යනව, නගරයේ ඉඳල කිලෝ මීටර ගාණක් ඈතින් තියෙන කැලෑවකට, මෙයාල යන්නෙ පුංචි සංචාරයක් දාල එන්න, මේ කැලෑව ඇතුළෙ තියෙනව පුංචි නිවසක්, එහෙ තමයි මේ කට්ටිය රාත්‍රිය ගත කරන්නෙ, මෙයාල ඔහොම ඉද්දි මෙයාලට හම්බ වෙනව මේ නිවස ඇතුළෙ තිබිල ටේප් රෙකෝඩයක් සහ පෞරාණික ග්‍රන්ථයක්, කෙනෙක් ඒ ටේප් රෙකෝඩරයට පටිගත කරල තියෙනව ග්‍රන්ථය ගැන පුංචි විස්තරයක්, එයා කියනව ඒ ග්‍රන්ථයේ තියෙන මන්තරයක් හඬනගා කිවුවොත්, අමනුෂ්‍යන් කැඳවීමක් සිද්ධ වෙනව කියල, ඉතින් මේ Bruce අයිය එක්ක ඉන්න යාලුවෙක් මේක විස්වාස කරන්නෙ නෑ, එයා ඒක දිගටම අහනව, ෆිල්ම් එකේ හැටියට ඇත්තටම වෙන්නෙ අමනුෂ්‍යන් කැඳවීමක් තමයි, ඒක ඇත්ත කියල මෙයාලට තේරෙන්නෙ මෙයාලත් එක්ක ඉන්න කට්ටිය එක එක්කෙනා ගානෙ අමනුෂ්‍යන්ට බිලි වෙද්දි, ඉතින් මේ Bruce අයියගෙ යාලුවො අමනුෂ්‍යන්ට බිලි වුනාට පස්සෙ මෙයා විතරක් කැලෑව මැද්දෙ පුංචි ගෙදර තනි වෙනව, එයා මේ අමනුෂ්‍යන්ට මොකක්ද කරන්නෙ කියල අපි බලමු, නවතින්න කලින් මතක් කරන්නම වෙනව, මගෙ සහෝදරයො යාලුවො හැමෝම, එහෙනම් සියලුම දෙනාට බුදු සරණයි! ජය වේවා! සියලුම දෙනාට නිරෝගි බව අනිවාම ලැබේවා!

The Evil Dead (1981) on IMDb

 

 

700 MB (BluRay) කොපිය මෙතනින් ගන්න

099B55D73E74C001CD7854A8D06E70CF6AAE3668

1.3 GB (BluRay) කොපිය මෙතනින් ගන්න

2296295180956FF54A86D53F9DE8D062ACC0210A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>