සැහෙන කාලෙකින් Stuck In Love කලාට පස්සේ සමනා එක්ක සෙට් වෙලා ආයේ සබක් කළා ඔන්න, මේ සබ් එක කරන්න මට අවුරුදු තුනක් වගේ බොහොම කෙටි කාලයක් තමා ගතවුනේ, හැබැයි හේවගේ වාර්තාවනම් කඩන්න උනේ නෑ කතා ඕන නෑ ෆිල්ම් එක දිහාවට හැරෙමු.
මේක ඇවිල්ලා මම බලල තියන, පටන්ගත්තු මොහොතේ ඉඳල අවසානය වෙනකම්ම එක හුස්මට, කම්මැලිකමක් නැතුව, බලන් ඉන්නකොට වෙලාව ගතවෙන ආකාරයවත් නොදැනෙන සිනමාපට වලින් එකක්. පටන්ගැන්මේ ඉඳල අවසානය වෙනකම්ම කතාවේ ගලායාම හොදටම තියනවා, ඒ වගේම අපි දැකල තියන නළු නිළියන්ගේ වෙනස් ආකාරයේ රංගනයන් පවා මේකෙදි අපිට බලාගන්න පුළුවන්කම තියනවා. Taken 2008 සුපිරි සිනමාපටය මගින් ජනප්‍රිය වූ Liam Neeson, After Sex 2007, Friends with Benefits 2011, Ted 2012, වැනි සිනමාපට වලින් අප හමුවට පැමිණි Mila Kunis (හම්මේ…. :* ) වැනි අය ඒ අතර සිටිනව. Imdb 6.4ක අගයක් අරන් තියන මෙහි අධ්‍යක්ෂණය සිදුකරල තියන්නේ Million Dollar Baby 2004, Casino Royale 2006, The Next Three Days 2010, Crash 2004 වැනි සුපිරි නිර්මාණ සඳහා දායක වි තිබෙන Paul Haggis විසින්. විස්තරේ වෙන්නේ ඔය ටික තමා. ඉතින් වෙනද වගේ කතාව ගැන නොකිය මේ තුන්දෙනාගේ කතාව ඔයාලම බලන්න කියන ආරාධනාව කරන ගමන් ගිහින් එන්නම්, ඒ වගේම මේකේ නිරුවත් සහ ලිංගික දර්ශන ඇතුලත්ව තිබෙන බැවින් (18+) ඝනයට අයත් බව නොකීවයි කියන්න එපා
259 downloads