Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Penny Dreadful [S03 : E01] with Sinhala Subtitles |කවියාගේ වියෝව. (+18) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඉතින් ඔන්න යාළුවනේ කිව්වා වගේම Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමය ඔයාලට අරගෙන ආවා. ඊට කළින් කියන්න ඕනි  මට මේ උපසිරසිය ඉක්මන්ට ඔයාලට අරගෙන එන්න ඉසුරු සහෝ ගොඩාක් උදව් කරා, ඉතින් අපි දෙන්නගෙම වැඩ රාජකාරි අස්සේ මේ වැඩේ ඉක්මන්ට ඉවර  කරන්න ලබා දුන්න දායකත්වයට ඉසුරු සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඉතින් Precious Cargo ෆිල්ම් එකේ උපසිරසියෙන් පස්සේ කරන මුල්ම වැඩේ මේක. ඒ වගේම කියන්න ඕනි ඒකෙදි කීපදෙනෙක් හරි  අදහසක් දාල ගිය නොගිය හැමෝටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

හරි, Penny Dreadful තුන්වෙනි කතා සමය පටන් ගත්තේ 2016 මැයි  මාසේ පළවෙනිදා. අද කතාවේ තේමාව වෙන්නේ The Day Tennyson Died, “කවියාගේ වියෝව”. ඉතින් වෙනදා වගේම Eva Green, Josh Hartnett, Timothy Dalton රංගනයෙන් දායක වෙනවා වගේම අද කතාවෙන් ඔයාලට අලුත් චරිත ටිකක් බලාගන්න පුලුවන්.

හරි එහෙනම් පහුගිය කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. ඊතන්ගේ පහර දීමෙන් සෙම්බින් මැරෙනවා. වික්ටර්ට සහ සර් මැල්කම්ට ඔවුන්ගේ මනස තුළ රැඳී ඉන්න ආත්මයන්ගේ බලපෑමට යටත් වෙනවා. වැනේසාගේ ජීවිතය තුළ ඇති බලාපොරොත්තු වගේම අයිවන් පෝල් කියන මායාකරිය විනාශ වෙනවා මතකයිනේ? ඒවගේම ලිලී, ඩෝරියන් ග්‍රේ සමඟ ඉන්නවා. ඊතන් තමන් කරපු වැරදි ඉන්ස්පෙක්ටර් රස්ක් හමුවේ පාපෝච්චාරණය කරනවා සහ ඊතන් ඇමරිකාවට පිටුවහල් කරලා යවනවා. මිස්ටර් ක්ලෙයාර් මිනිස් වාසයෙන් තොර නවාතැනක් හොයාගෙන යනවා. ඒවගේම සර් මැල්කම් සෙම්බින් ගේ මිනිය අරගෙන අප්‍රිකාව බලා පිටත් වෙනවා.

අද කතාව පැත්තට යමු. ඉන්ස්පෙක්ටර් රස්ක්ට පුලුවන් වෙයිද  ඊතන්ව ඇමරිකාවට ගෙනියන්න? යන අතරමගදී සිදුවෙන සිදුවීම් පිටුපස කවුද ඉන්නේ? සර් මැල්කම් අප්‍රිකාවෙදි මොනවද කරන්නේ සහ කවුද ඔහුට මුණගැහෙන නාඳුනන තැනැත්තා? ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් හොයාගෙන එන තැනැත්තා කවුද? වැනේසා උදව් බලාපොරොත්තුවෙන් සොයා යන්නේ කවුද? මිස්ටර් ක්ලෙයාර්ට තම අරමුණ ඉටු කරගන්න හැකිවේවිද? අවසානයේ කතාවට එක්කවන චරිතයේ අරමුණ මොකද්ද? මේ හැම එකකටම උත්තර අද කතාවෙන් බලාගන්න පුලුවන් වෙයි. අද කතාවේ විශේෂත්වක් තියනවා මම උඩින් කිව්වා වගේම ප්‍රධාන චරිත එක්ක  තව උප චරිත කීපයක්ම බලාගන්න පුලුවන් වෙනවා.

එහෙනම්, අද කතාව ඔයාලා හැමෝටම නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඒවගේම ලබනසතියේ කතාව පුලුවන් හැකි ඉක්මනින් දෙන්න බලන්නම්. අමතක නොකර මොනාහරි පහළින් ලියලා යනවා නම් ගොඩාක් අගේ කරනවා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජයෙන් ජය ම වේවා!

Penny Dreadful (2014– ) on IMDb

 

 

219 MB (x265)කොපිය මෙතනින් බාගන්න

6157183D9C8B5F22F5F4FE2564507448F333F2F9

287 MB (x265)කොපිය මෙතනින් බාගන්න

9F5AD37C2BF7B42F92F66F04302374EF2D739CD5
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Season                   All Episodes                        Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>