සුභ දවසක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. හැමදාම බයිසිකෝප් අඩවියට ඇවිත් උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන යනවා, ඉතින් මටත් හිතුනා උපසිරැසියක් නිර්මාණය කරන්න. පළවෙනි නිර්මාණය නිසාද දන්නේ නැහැ මට පැය වලින් ගත්තොත් පැය 10ක පමණ කාලයක් ගියා උපසිරැසිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න, ඒ වගේම මේ කතාවේ එන සමහර විද්‍යාත්මක වචන වලට නිවැරදි සරල තේරුමක් දෙන්න ගොඩක් මහන්සි වුනා, ඒකටත් ගොඩක් කාලය වැය වුනා. ලයින්ස් 1033ක් තිබුණා සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්න. ඉතින් , ස්ටාර් ට්‍රෙක් කතා මාලාව ගැන නොදන්න කෙනෙක් බයිස්කොප් අඩවියේ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ , මොකද මේ කතා මාලාව අතීතයේ වගේම අදටත් ගොඩක් ජනප්‍රියව පවතින කතා මාලාවක්. මම නම් මේ කතා මාලවට වැඩියෙන්ම කැමති වුණේ 2013 අවුරුද්දේ ආපු “රොයිලි” සහෝදරයා විසින් උපසිරැසි ගන්වපු ” Star Trek Into Darkness “කියන සලරුව බැලුවට පසුව තමයි. මේ කතා මාලාවෙ ඉතිහාසය ගැන දැන ගන්න ඕන නම් ,ඒ කියන්නේ කොතරම් කතා ගණනක් තියනවද , වර්ගීකරණය කරලා තියෙන්නෙ මොන විදිහටද කියලා “තිසර නියෝ ” සොහොයුරා විසින් උපසිරැසි ගන්වපු “Star Trek (2009)” කියන Movie එකේ ලිපියේ ප්‍රමාණවත් විස්තරයක් තියනවා. අවශ්‍ය කට්ටිය මෙතනින් ගිහින් බලන්න.
මම මේ උපසිරැසිය ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට බයිස්කෝප් අඩවියේ මෙන්න මේ “Star Trek” කතා වලට උපසිරැසි ලබා දීලා තියනවා.
මේ කතාවලින් “Star Trek Into Darkness (2013)” හා ” Star Trek (2009)” කියන දෙක අයත් වෙන්නේ “Star Trek” කතා මාලාවේ “The Original Series” පදනම් කරගෙන කරන ලද ප්‍රතිනිර්මාණ වලට. “Star Trek: Nemesis (2002)” කියන්නේ “Star Trek” කතා මාලාවේ “The Original Series” එකට පසුව ඉදිරිපත් කරපු “Star Trek, The Next Generation” සිනමාපට පෙලේ 4 වෙනියට විකාශනය වුන කතාව.අද මම ඔයාල ට උපසිරැසි දීලා තියෙන්නේ ඒ “The Next Generation” සිනමාපට පෙලේ පළමුවන සලරුවට. මගේ අදහස නම් “The Next Generation” සිනමාපට පෙලේ ඉතිරි කතා වලටත් උපසිරැසි නිර්මාණය කරන්න.ඒත් ඒක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස් අනුව. මගේ උපසිරැසි නිර්මාණයේ අඩුපාඩු තියනවා නම්, නිර්මාණයේ දී හදාගත යුතු දේවල් තියනවා නම් කියන්න.උපසිරැසිය වැඩක් නෑ කියලා හිතෙනවා නම් ඒකත් කියන්න, හොඳයි නම් ඒකත් කියන්න.
හරි මේ සලරුව ගැන කියනවා නම් , “David Carson” විසින් අධ්‍යක්ෂණය කරලා තියන මේ කතාව IMDb දර්ශකයේ 6.6 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා.වාර්තා තියපු සලරුවක්. තිරගත වුනු පළමු සතිය තුල පමණක් ලබා ගත් ආදායම වෙන්නේ ඇමරිකානු ඩොලර් 23,116,394 ක්.සලරුව විකාශනය අවසානයේ ලබා ගෙන තියන මුලු ආදායම වෙන්නේ ඇමරිකානු ඩොලර් 75,688,868 ක්.1994 වර්ෂයේ නොවැම්බර් 4 වෙනිදා තිරගත වුණු මේ සලරුව ගොඩක් අය දන්නේ “Star Trek 7” කියන නමින්. මේ සලරුවේ මුලු දාවන කාලය මිනිත්තු 118ක්. කතාවේ අන්තර්ගතය ගැන කියනවා නම් කතාව ආරම්භ වෙන්නේ 3 වන එන්ටර්ප්‍රයිසස් යානයේ මංගල ගමනත් සමග. මේ ගමනට කැප්ටන් කර්ක් ඇතුලු කණ්ඩායමේ කිහිප දෙනෙකුත් සහභාගී වෙනවා. මේ ගමන අතරතුරේදී මේ අයට පණිවිඩ සම්ප්‍රේෂණයක් ලැබෙනවා විශ්වයේ අද්භූත ගුරුත්වාකර්ෂණ පටියක සිරවුනු යානා වගයකින්. ඉතින් මේ අය තීරණය කරනවා එයාලට උදව් කරන්න….. ඒ අවස්ථාවට පසුව කතාව වෙනම ආකාරයකට දිග හැරෙනවා…. ඔයාලා නරඹලාම බලන්නකෝ ඒ කොහොමද කියලා.. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟ කතාවෙන් හම්බෙමු.
ඔබට ජය !
“ඒත් මම තවමත් විශ්වාස කරන්නේ ,කාලය තමයි අපේ හොඳම සගයා කියලා. අපිත් එක්ක ජීවින චාරිකාව යන හැමෝම හැම මොහොතක්ම ඒ හැම සුන්දර අවස්ථාවක්ම උපරිමයෙන් මතක තියාගන්න උත්සහ කරන්න.අපි දාලා ආපු දේවල් ,අපිට මග හැරුනු දේවල් , අපි ජීවත් වුනේ කොයි විදිහටද කියන එක තරම් වටින්නේ නැහැ. ඒ හැමදේකටම පස්සේ කවදා හරි දවසක අපිට ජීවිතෙන් සමුගන්න වෙනවා “
~ කැප්ටන් පිකාර්ඩ් – එන්ටර්ප්‍රයිසස් තාරකා යානය ~
F183FD88C095F5C07879844BCBEE5BB5F233D9E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
463 downloads