ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක් දීලා මම යන්නං.
පසුගිය සතියේදී ඩේසිට ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න ෆිට්ස් සිමන්ස් දෙන්නා ඩොක්ටර් රැඩ්ක්ලිෆ් හොයාගෙන ගියා. ඒත් එතට හයිව් එක්ක ඩේසිත් කඩා පැනලා ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට අරගෙන ගියා. මෙයාලා ඩොක්ටර් රැඩ්ක්ල්ෆ්ව අරගෙන ගියේ ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න නම් නෙමෙයි. මේ විදියටම ජානමය පදනම නැති මනුශ්‍යයින්වත් මෙයාලා වගේම ඉන්හියුමන්ලා බවට පත් කරන්න. මේ අස්සේ කෝල්සන් ඇතුලු කණ්ඩායම එකතු වෙලා කොහොමහරි ඩේසිව සනීප කරන්න හිතාගෙන එයා ඉන්න තැන හොයාගෙන යනවා…
අපි බලමු නේද එතනින් එහාට මොනායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ වේවා !!!
2029 downloads