Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

10 Cloverfield Lane (2016) with Sinhala Subtitles |උමතු ලොවක, උමතු බංකරයක…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මේක 2008 ලොවම හෙල්ලූ Cloverfield චිත්‍රපටයේ දෙවැනි ගමන ලෙස තමයි නිකුත් වෙන්නේ. නමුත් ලෝකයට එම චිත්‍රපටයේ ඇති වුන සිද්ධිය බලපෑවා වුනත් මේ චරිත නම් නැවුම්. ඔවුන් කලින් චිත්‍රපටයේ හිටියෙත් නැහැ. කලින් එකේ පිරිස මේකේ ඇත්තෙත් නැහැ. හැබැයි අපි මුල් කතාව දීලා තියෙන්නේ කැමති කෙනෙක්ට ගිහින් මේකට කලින් හෝ මේකට පසුව ඒකත් බලන්න ඇහැකි.

මේක මේ J.J. Abrams නිෂ්පාදනයක්. මේ හාදයා මේ ටිකේ අත තියන තියන දෙය රත්රන් වෙනවා නෙව. පිටපත Josh Campbell, Matthew Stuecken හා Damien Chazelle ගෙන්. මතක ඇති නේ අර Whiplash (2014) පොඩි චිත්‍රපටයක් කල හාදයා, අන්න එයා තමයි මේ ඩේමියන්. රංගනයෙන් එක්කාසු වෙන්නේ John Goodman, Mary Elizabeth Winstead, John Gallagher Jr. පමණයි. නමුත් හඬ නළුවෙක් හැටියට සුපිරි නළු Bradley Cooper එක්කාසු වෙනවා. මේක අධ්‍යක්ෂණය Dan Trachtenberg ගෙන්, මේක ඔහුගේ පළමු චිත්‍රපටය….

ලබාගෙන තියන IMDB අගය 7.6ක් ලේසි නැහැ නේද මොකද මේක භයානක චිත්‍රපටයක්, එහෙමයි කිව්වට තවත් ගොඩක් කාණ්ඩ ආක්‍රමණය කරන්න මේක සමත් වෙනවා, කොටින්ම කියනවා නම් Drama, Horror, Mystery, Sci-Fi, Thriller ඔන්න ඔහොමයි IMDB පිටුවේ සඳහන් වෙන්නේ. රෝටන් ටෝමාටෝ අගය 90% ආයේ ඉතින් කියන්න ඕනේ නැහැ නෙව, ඒ වගේමයි මිලියන 15 ක් වියදමෙන් ලෝකය පුරාම මිලියන 107 ක් හොයාන්නත් දැනට සමත් වෙලා තියනවා. 

එහෙනම් කතාව පැත්තට හැරෙමු, පිටසක්වල ප්‍රහාරයත් එකක් මිනිස්සු කලබල වෙනවා. හිස හැරුන හැරුන අතේ දුව යනවා. නමුත් මේ කිසිම දෙයක් ගැන හැඟීමක් හෝ අදහසක් නැති මිෂෙල් තමුන්ගේ විවාහ ගිවිස ගැනීමත් අත්හැර දාලා යන අතරේ ඇය අනතුරකට මුහුණ පානවා. නමුත් නැවත සිහිය එනකොට ඇය ඉන්නේ රෝහලක නෙමෙයි යම් කාමරයක, කකුල පයිප්පයකට මාන්චු දාලා හෙලවෙන්න බැහැ…. ටිකකින් ඔන්න කාමරයට එනවා කෙනෙක් ඔහු නමින් හාවර්ඩ්…. ඔහුට අනුව අපේ ලෝකය විනාසයි, පිටත ලෝකය දුෂිතයි වාතය ආග්‍රහණය කිරීමම මියයාමට ප්‍රමාණවත්. නමුත් ඔහුගේ දුර දක්නා වැඩ පිළිවෙල නිසාවෙන් ඔහු භූගත බංකරයක් නිර්මාණය කරලා තියනවා එකේ තමයි මෙයාලා මේ ඉන්නේ. ඔකේ දී ඇයට එමිට් එහෙමත් දැනගන්න ලැබෙනවා ඔහුත් මේකේ හිර වෙලා ඉන්නේ…. හාවර්ඩ් හරිම අමුතුයි…. එක එක විකාර විශ්වාස කරන කෙනෙක්. බොහොම රහසිගතයි, ඉක්මනින් උරණ වෙන කෙනෙක්. ඒ වගේම හැම වේලේම මේගන් කියලා කෙනෙක් ගැන කියවනවා… මිෂෙල් ඇයගේ පින්තුරයක් එහෙමත් දකිනවා, හැබැයි මේක එමිට් දැක්ක ගමන් ඒ බොරුවක් බව එලි වෙනවා ඒ වගේම….

මේක බොහොම අගේ ඇති කතාවක් රේටින්, හොයලා තියන මුදල එහෙම දැක්කම ඒක තේරෙන්න ඕනේ නෙව. මේකේ කතාව විස්තර කරන්න බැහැ, එහෙම කරන්න ගියොත් කතාවේ රසය නැති වෙනවා ඉතින් බලන්න කියලා ආරාධනා කරනවා. ඔක්කොටම කලින් ට්‍රේලර් එක බලන්නකෝ එතකොට හරි අදහසක් ලැබෙයි. විභාග වැඩ එකක් පොඩි නිවාඩුවක් ලැබුනා විතරයි ආව එකේ උණු උණුවෙන් අරගෙන ආවා එහෙනම් බලන්න, ඩොකා ස්තුතියි ආව ගමන් කොපිය එව්වට. නැවත උපසිරසක් එකක් හමුවෙමු ඔබ සැමට ජය වේවා…  

10 Cloverfield Lane (2016) on IMDb

 

 

7F8C0C59AD62E8D5E94A192C8D570220DF12DB8B
7BBA0633AC02CE2258AC9FD855D55781F2681419
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>