මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා.
කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට ආවරණය වෙලා ඉන්න බෑ. ඒක එයාට ඔරොත්තු දෙන්නේ නෑ. ඉතින් ගොගල්ස් දාගෙන තමයි ඉන්නේ.
කතාව පටන්ගන්නේ මේ ලමයව දෙන්නෙක් පැහැරගෙන යනවා කියන ප්‍රවෘත්තියකින්.පැහැරගැන යනවා කිව්වට ළමයා කැමැත්තෙන් යන්නේ. මෙයාව අරගෙන යන්නේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි.මේ ළමය හැදිලා වැදිලා තියන්නේ ගොවිපලක. ඉතින් එතනින් අරන් තමයි මෙයාව අරගෙන යන්නේ. පොලීසිය මෙයාලව හොයනවා. මේ අය යන්නේ අරමුණක් ඇතුව.ඒක විශේෂ දිනයක මේ ළමයා එතනට එක්ක යන්න ඕනේ. ඉතින් ඒ මොකක්ද? මොනවගේ තැනක්ද? මේ ළමයට විශේෂ බලය ලැබුනේ කොහෙන්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
2676 downloads