සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම් “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාව.ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලලා එන්න. ඇත්තටම කිව්වොත් මේ “The Next Generation” දිග හැරුමේ පළමු කතාවේ ටිකක් ඒකාකාරී බවක් තිබුණා,කතාව එක දිගට ගලාගෙන යන්නේ නැති බවක්. ඒත් මේ කතාවේ නම් ඒ ගතිය නැහැ.මේ කතාවේ අනෙක් “Star Trek” කතා වල තියන සුපුරුදු රිද්මයම තියනවා. ඒ වගේම මේ සලරුව තිරගත වුන පළමු සතිය තුල ඇමරිකානු ඩොලර් 30,716,131 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියනවා. IMDb දර්ශකයේ 7.6 ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා. කතාවේ අන්තර්ගතය ගැන කියනවා නම්, කතාවේ ප්‍රධානම සංකල්පය වෙන්නේ “කාල තරණය”. මේ කතාවට අනුව පෘථිවි වාසීන් ආලෝකයේ වේගය හොයා ගන්නේ අතීතයේ යම් දවසක පිටසක්වල යානයක් පෘථිවියට පැමිණීම නිසා.ඉතින් මේ පෘථිවියේ අය ආලෝකයේ වේගය හොයා ගන්න එක නතර කරන්න “බෝර්ග්” ඇතුලු පිටසක්වල ජීවීන් කොටසක් “කාල තරණය” කරලා පෘථිවියේ අතීතයට යනවා.ඉතින් ” කැප්ටන් පිකාර්ඩ්” ඇතුලු ” එන්ටර්ප්‍රයිසස් ” යානයත් අතීතයට යනවා මේ ” බෝර්ග් ” කියන ජීවීන්ව නවත්වන්න.ඉතින් කතාවට අනුව පෘථිවියේ අතීතය මොන වගේද?මේ “බෝර්ග්” ලව නවත්වන්න “එන්ටර්ප්‍රයිසස්” යානයේ අයට පුලුවන් වෙයිද? කතාව බලලම ඒ ටික දැන ගන්නකෝ…!
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.මගේ පළමු නිර්මාණයට සුභ පතලා තිබුණ හැමෝටම මම ස්තූති වන්ත වෙනවා.මොකද උපසිරැසියක් නිර්මාණය කලාට පස්සේ ඔයාල දාන කමෙන්ට් එකක් කියෙව්වම ලැබෙන සතුට ගොඩක් වටිනවා. එහෙනම් ඊලඟ කතාවෙන් හමුවෙමු, එතෙක් ඔබට ජය !
153909CD69487B3CFA9015674471A8517D3DE885
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
257 downloads