ඔන්න යාලුවනේ මම මගේ දෙවන උපසිරසියත් අරගෙන ආවා . හැබයි කියපු විදියට මම ඉස්සෙල්ලම දීපු චිත්‍රපටිය වන Tremors එකේ දෙවැනි එක වන Tremors 2: Aftershocks (1996) නෙවි . එකේම පස්වන කොටසවන Tremors 5: Bloodlines (2015) කියන එක .ඔයාල දැන් බලාවි ඇයි මම දෙවැනි එක දෙන්න නැතුව පස්වන එක දුන්නේ කියල. මම හේතුව කියන්නම්.
මේ චිත්‍රපට මාලාව පටන් ගත්තේ 1990 . හරියටම කියනවනම් VHS යුගයේ . අපි මේවා බැලුවේ ඩේක් පිස් වල . ඉතින් මේ චිත්‍ර පටිය ගැන හරියටම දන්නේ දැන් ඔය අවුරුදු 30ත විතර වයස වැඩි යාලුවෝ, අනිත් යාලුවෝ මේකේ මුල ඒවා ගන්නෙත් නැතිවේවි පරණයි කියල. ඉතින් චිත්‍රපට මාලාවේ අන්තිම එක ආවේ 2015 නේ . එක දුන්නොත් එක බලල මේ ගැන අදහසක් එයාලටත් ගන්න පුළුවන් වේවි කියල මට හිතුනා .ඒතකොට යාලුවෝ ඔක්කටම මුළු චිත්‍රපට මාලාවම බලන්න පුළුවන් වේවිනෙ. මේක පස් වන කොටස උනත් මුල ඒවා නොබැලුවත් බලන්න අවුලක් නැ. මොකද මේකෙ මුලින්ම පරණ ඒවා හතරේම සාරාංශය කියල දෙනවා . අනික වෙනස්ම කතාවක් හින්ද ප්‍රශ්නයක් නැ .
ඔන්න ඉතින් කතාව ගැන ටිකක් කියනවනම් මේ කතාවේ නායකයා බර්ට් ගමර් කියන පුද්ගලයා . මෙයා තමා මුල් කතා හතරේම මේ සත්තු විනාස කරන්න උත්සහ කරන කෙනා . උතුරු ඇමරිකාවේ මුන් එක්ක සටන් කරමින් ඉන්න මෙයාට දැනගන්න ලැබෙනවා දකුණු අප්‍රිකාවේ මේ සත්තු මතුවෙලා කියල. ඉතින් දකුණු අප්‍රිකාවට ගිහින් ඒ සත්තු එක්ක සටන් වදින එක තමා මේකේ කතාව. මැද්දේ ගොඩක් වෙන සිදුවීම් තියනවා. කොහොම උනත් කම්මැලි නැතුව් බලන්න පුළුවන්. IMDB 5 කට වඩා වැඩියෙන් අරන් තියන නිසා හොදයි කියල තේරෙනවා ඇතිනේ.
හොදයි . ඔයාල මේක බලල අදහසක් ගන්න . Tremors ගැන දන්නා අය ඉතින් මේක බලන්න අමුතුවෙන් කියන්න ඕන නැනේ. හොදද නරකද කියල මටත් කියන්න . මගේ ඊලග උපසිරැසිය විදියට Tremors 2: Aftershocks (1996) දෙනවා ඉක්මනටම . එකෙන් මුන ගැසෙමු . බුදු සරණයි ඔක්කොටම.
E7D812EA4AF939EA3CCBF6452922D50B215F7680
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2954 downloads