13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්‍රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි ලීගයේ හතුරන්ගෙ වැඩි දෙනෙක්ව පාලනය කරන්නෙ. ඕගොල්ලො ඒක දකින්න ඇතිනෙ.ඒ වගේම දැන් සුපර් බෝයිත් මිගෑන්ට කැමතියි.ඕගොල්ලොන්ට හිතෙන්නෙ නැද්ද ආර්ටමස් කිඩ් ෆ්ලෑශ්ට කැමති කියලා.ඇත්තටම ආර්ටමස්ගෙ අක්කා කවුද කියලා ඕගොල්ලො දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා.
බයිස්කෝපයේ අයියලට මම කරපු එක සබ් එකකදි වත් ස්තූති කරන්න බැරි වුණා, මම මේ සබේදී නම් එක අනිවා කරනවා,හසන්ත අයියා,රොයිලි අයියා,විශේෂෙන්ම සමීර අයියා හා බයිස්කෝපයේ ඉන්න අනිත් අයියලා හැමෝටමත් මම ස්තූති වන්ත වෙනවා.
අපි දැන් කතාව පැත්තට යමු.ඕගොල්ලො ජස්ටිස් ලීග් බලලා තියනවනම්, බ්‍රේන්[ මොලය]ව දන්නවා ඇති.අර මොලයක් වගේ ඉන්න රොබෝ.මේකෙ ප්‍රධාන හතුරා වෙන්නෙ අන්න එයා තමයි. තවත් හතුරො ඉන්නවා. ඒ හතුරො තමයි සත්තු.ඕගොල්ලො දන්නවා නෙ ඇක්වාළෑඩ් අර පාවලා දෙන්නා ගැන කණ්ඩායමෙන් හංගගෙන කියලා ඉන්නෙ. ඉතින් මේ කොටසේ ඒක එළි වෙනවා/ඒක හින්දා ඇක්වාලෑඩ් ඒක හංගගෙන හිටියා කියලා කණ්ඩායමට ගොඩක් කේන්තී යනවා. එතකොට ඒගොල්ලො එයත් එක්ක අමනාප වෙනවා. ඒ පාවලා දෙන්නා කවුද කියලා කෙනෙක්ව ඒගොල්ලි සැක කරනවා. කොටස බලලම ඒ කවුද කියලා දැනගන්න. බැට්මෑන් මේගොල්ලොව මෙහෙයුමකට යවනවා. ඒගොල්ලො ඒකට ගියහම ඒගොල්ලොන්ට සුපිරි සත්තුන්ට මූණ දෙන්න වෙනවා. එක ගෝරිල්ලෙක් ඉන්නවා. එයාට මැශින්ගන් එකකුත් තියනවා. ඒ වගේම මේ කණ්ඩායමට අලුත් පාලකයෙකුත් දෙනවා. ඉතින් අපි 14වන කොටසෙදි හමුවෙමු.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
222 downloads