බෙරීගෙ වේගය ආපහු ගන්න ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හදලා ඒක පුපුරවව්වා. ඒත් අන්තිමේට ඒකෙන් වුනේ බෙරිව අතුරුදහන් වුන එකනේ. ඒ වගේම ජෙසිටයි වොලිටයි පිපුරුමේ තරංග වැදුනා. හැබැයි ජෙසිට විතරයි ඒකෙන් සිහිය නැතිවෙලා කොමා තත්වයකට පත් වුනේ. ඔය අතරේ සිස්කෝ වයිබ් එකක් දකිනවා බෙරී මොකක්දෝ කුනාටුවකට කොටුවෙලා පණ පිටින් ඉන්නවා. එතකොට හැරි කියනවා ඒ එයා ඉන්නේ සිපීඩ් ෆෝර්ස් එකට කොටුවෙලා කියලා. ඉතින් මෙයාලා බෙරීව එතනින් බේරාගන්න හදනවා.
ඉතින් බෙරීට සිහිය නැතිවෙලා එකපාරටම නැගිටිද්දි එයා එයාගේ ගෙදර නිදාගෙනයි ඉන්නේ. ඒ ගෙදර ජෝ ඉන්නවා. හැබැයි ඒ ඇත්ත ජෝ නෙවෙයි. ඒ තමයි ස්පීඩ් ෆෝර්ස් එක. එයා බෙරීට කතා කරන්න ඇවිත් තියෙනවා. ඉතින් බෙරී ස්පීඩ් ෆෝර්ස් එකෙන් එතනින් එලියට යවන්න කියලා කියනවා. හැබැයි ඉතින් ස්පීඩ් ෆෝර්ස් එක කියන්නේ එයාට එලියට යන්න නම් මොකක්දෝ ඡායාවක් වගේ යන දෙයක් අල්ලාගන්න ඕනි කියලයි. හැබැයි ඉතින් වේගය නැති නිසා බෙරීට මේක ලේසි වෙන්නේ නෑ. ඒ වෙලාවේ තමයි ස්පීඩ් ෆෝර්ස් එක අයරිස් වගේ වෙස්වලාගෙන එන්නේ. ඊට පස්සේ එයාලා අතිතය ගැන කතා වෙනවා. ඒ වගේම ඒ වෙලාවේදි සිස්කෝගෙ වයිබ් මාර්ගයෙන් හැරි බෙරීට එලියට එන්න පාරක් හදනවා. බෙරී යන්න හදද්දි ස්පීඩ් ෆෝර්ස් එක කියන්නේ එයා යනවා නම් එයාට වේගය නැතිව තමයි යන්න වෙන්නේ කියලා. ඒ නිසා එයා ආපහු අර ඡායාව අල්ලාගන්න පන්නනවා.
ඔය අතරේ පාර්ටිකල් ඇක්සලරේටර් පිපිරුම නිසා මැරුණ මෙටා කෙනෙක්ට පණ ඇවිත්. පණ ඇවිත් කියන්නේ එයා සොම්බි කෙනෙක් වගේ වෙලා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර යකඩ මිනිහෙක් වුන ටෝනිට. එයා නගරය හරහා පිස්සු නටාගෙන යනවා. එයා යන පාර ගැන බලද්දි තේරෙනවා එයා ජිටර්ස් වලට හිතා මතාම යනවා කියලා. එතකොට මෙයාලාට තේරෙනවා මේ ටෝනි එන්නේ අයරිස් පස්සේ කියලා. ඉතින් මෙයාලා අයරිස්ව ඇමකට දාලා ටෝනිව ස්ටාර් ලැබ් එකට ගෙනියනවා. ඊට පස්සේ විද්‍යුත් බලයක් දිලා එයාව මරන්නයි හදන්නේ. හැබැයි ඒ වෙනුවට එයාලා ස්ටාර් ලැබ් එකේ තරහා ගියපු ටෝනිට කොටු වෙනවා.
ඔය වෙලාවේ බෙරී ස්පිඩ් ෆෝර්ස් එක ඇතුලේ ඉදන් අර ඡායාව අල්ලාගන්න හදනවා. ස්පීඩ් ෆෝර්ස් එක හෙන්රි වගේ වෙස් වලාගෙන ඇවිත් ගොඩක් දේවල් එයාට කියනවා. ඒ වගේම එයාගේ අම්මගේ සොහොන ලගටත් එක්කාගෙන යනවා. ඒ වගේම අන්තිමේට එයාගේ අම්මා වගේ වෙලා එනවා. ඇවිත් බෙරී පොඩි කාලේ ආසම කරපු කතාවක් ගැන කතාවෙනවා. ඒ වගේම බෙරී ගොඩක් සංවේදි වෙනවා. ඒ වෙලාවේ ස්පීඩ් ෆෝර්ස් එක කියනවා බෙරීට යන්න කාලය හරි කියලා. ඒ වගේම එයාගේ බලය ආපහු දෙනවා. ඒ අතරේ ටෝනිට හිරවෙලා ඉන්න ෆ්ලෑෂ් ටිම් එක ආයෙමත් බෙරීට එන්න පාරක් හදනවා. ඒක හරහා බෙරී ආයෙමත් එනවා. ඇවිත් ටෝනිව පරද්දනවා. ඒවගේම එයා ජෙසිගේ කොමා තත්වයත් නැති කරනවා. ඒ වගේම ඇත්තටම එයාගේ අම්මගේ සොහොනටත් යනවා.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
12344 downloads
<< Previous Episode All Episodes Next Episode>>