Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Arrow [S04 : E22] with Sinhala Subtitles |විනාශය අත ලගයි… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Arrow TV S4P3

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ තාත්තා කැල්කියුලේටර්ට විතරයි ඒක නවත්වන්න පුලුවන්නේ කියලයි. හැබැයි මේ ගැන ඩාර්කුත් දන්නවා. ඒ නිසා එයා කැල්කියුලේටර් මරන්න කට්ටියක් එවලා. හැබැයි වාසනාවට කැල්කියුලේටර් ඊට කලින් එතනින් පැනලා ගිහින්. එයා ගියපු තැන හොයාගෙන මෙයාලා ආපහු යනවා. එතකොට එතනටත් ඩේමියන්ගේ කට්ටිය ඇවිත්. හැබැයි කොහොම හරි මෙයාලා කැල්කියුලේටර් ‍බේරාගෙන එක්කගෙන එනවා.

ඉතින් මෙයාලා රුබිකන් එක බිද දමන්න පටන්ගන්නවා. හැබැයි කැල්කියුලේටර්ට ඒක කරන්න නම් ප්ලාමර් ටෙක් එකේ ප්‍රොසෙසර් එකක් ඕනි කියලා කියනවා. ඉතින් ෆෙලසිටි ඒක ගන්න එතනට යද්දි එයාව කම්පැනියෙන් අස් කරලා. මොකද එයා කම්පැනියේ රැස්විම්වලට යන්නේ නැති නිසා. ඉතින් ෆෙලසිටිට ඒ ප්‍රොසෙසර් එක ගන්න බැරි වෙනවා. හැබැයි ෆෙලසිටියි කැල්කියුලේටරුයි හොරෙන් එතනට ගිහින් කොහොම හරි ඒක පැහැර ගන්න හදනවා. හැබැයි එයාලට ඒකෙන් කොටසයි හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ඒක පාවිච්චි කරලා කැල්කියුලේටර් මිසයිල නවත්වන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන්ගේ අයට මෙයාලා ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයාලා ඇවිත් පහර දෙන අතරේ කැල්කියුලේටරුයි ෆෙලසිටියි කොහොම හරි මිසයිල නවත්වනවා. හැබැයි එක මිසයිල එකක් නිකුත්වෙන එක නවත්වන්න මෙයාලට බැරි වෙනවා. ලොකු නගරයකට වදින්න තිබුන ඒ මිසයිලය ෆෙලසිටි පොඩි නගරයකට වද්දලා හානිය අවම කරනවා. ඒවගේම මේ වැඩේදි ෆෙලසිටි වෙනුවෙන් කැල්කියුලේටර් වෙඩි උණ්ඩයකුත් කනවා.

මේ අතරේ තියා තවමත් අර ‍අමුතු තැන ඉන්නේ. ඉතින් එයා ඇලෙක්ස් එක්ක කතා කරන්න හදනවා. ඒ වුනාට ඇලෙක්ස් අර බෙහෙත් වලට යටත් වෙලා මේ වැඩේ හොදමයි දකින්නේ. ඒ වගේම ඒක ඇතුලට රොනි මේචනුත් ඇවිත්. ඒ සුපුරුදු විදියට ඩේමියන්ව මරලා දාන්නයි. ඒ වෙනුවෙන් එයා ඒක ඇතුලේ තියෙන හුලන් එන බට පුපුරන්නයි එයා හදන්නේ. හැබැයි මැල්කම් කියපු නිසා තියා එයාව නවත්වන්න හදනවා. හැබැයි ඒක කරන්න බැරි වෙනවා. මේචන් පැනලා ගියත් එයා කරන්න ගියපු හානිය නවත්වන්න මෙයාලාට පුලුවන් වෙනවා. ඉතින් මේකට තරහා ගියපු රොනි ඇලෙක්ස්ව තියා ඉස්සරහා මරලා දානවා. ඒ වගේම තියාට පහරත් දෙනවා.

ගොඩක් අය මිසයිලයෙන් මැරුණ නිසා ඩේමියන්ගේ බලය වැඩිවෙන්න පටන්ගන්නවා. ඩේමියන් ඉන්න තැන නම් ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩියි. ඉතින් බලය වැඩි වුන ඩේමියන් එක්ක ඔලිවර් හැප්පෙන්නේ කොහොමද. ඒක මේ කොටසින් බලාගමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

200 MB (x265) කොපිය මෙතනින් බාගන්න

0D9AC8038E33E50C12BE8E84F0B57FCB46A5B990

346 MB (x264) කොපිය මෙතනින් බාගන්න

97B0E1EDF7EC026697B2AD78C83CB634C1E85FFF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>