Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

A Pigeon Sat on a Branch Reflecting on Existence (2014) with Sinhala Subtitles |මිනිසත්කමේ පිරිහීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

A-Pigeon-Sat-on-a-Branch-Reflecting-on-Existence-(2014)

අද බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඔබට අරගෙන ආවේ Swedish චිත්‍රපටයක්. රෝයි ඇන්ඩර්සන් අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපතෙනුත් දායක වෙන මෙය  IMDB 7.0ක ඉහළ අගයක් වාර්තා කරලා තියෙන චිත්‍රපටයක්. මේක සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. නමුත් මේ චිත්‍රපටය වෙනත් විදියකින් විශේෂත්වයක් උසුලනවා. ඒකට හේතුව මේ චිත්‍රපටය පුරාම දිවෙන දර්ශන වල විශේෂත්වය. හැම දර්ශනයක්ම ඔබට දකින්නට පුළුවන් වෙන්නේ එකම ස්ථාවර කැමරා කෝණයකින් විතරයි. එක කැමරා කෝණයකින් පමණක් ලබාගන්නා අගක් මුලක් නැති විවිධාකාර දර්ශන අවසානයේ එකතුවී තේරුමක් ඇති කතාවක් ගොඩනගනවා. මෙය ඉතාම විශිෂ්ට ගණයේ රූපරාමු වලින් සමන්විත චිත්‍රපටයක්. ආලෝකරණය හා විශේෂ ප්‍රයෝග විශිෂ්ට ලෙස යොදාගෙන තිබෙනවා. විශේෂ ප්‍රයෝගවල තාත්වික භාවය කොතරම්ද කිව්වොත් චිත්‍රපටය නරඹන ඔබට මෙහි විශේෂ ප්‍රයෝග ඇති බවක් නොපෙනේවි.

කතාව දෙසට පොඩ්ඩක් හැරෙන්නම්. සෑම් හා ජොනතන් නම් අළුත් වෙළඳභාණ්ඩ අලෙවි කරන්නන් දෙදෙනෙකු වටා ගලාගෙන යන සිදුවීම් දාමයක්. මොවුන් දෙදෙනා අළුත් නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් විවිධ ස්ථාන කරා යනවා. ඒ වටා ගෙතුණු විවිධ සිදුවීම් තුළින් ගැඹුරු අර්ථයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සහ කරනවා. ඒ පිරිහි ඇති මනුෂ්‍යත්වය පිළිබඳ. ඇතැම් දර්ශන හාස්‍යය මුසු දර්ශන. නමුත් ගැඹුරු අර්ථයක්ද ඒ එක්කම අන්තර්ගත වනවා. අවසානයේ සිතන්නට යමක් ඉතුරු කරමින් අවසාන වන විසිතුරු සිනමා සිත්තමක්.

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මම කරන පළමු උපසිරැසි ගැන්වීම. සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් නිසාම මෙහි අර්ථය උපරිම වශයෙන් සුරැකමින් පරිවර්තනය සිදු කරන්න උත්සහ කළා. නමුත් සුළු සුළු වැරදි අඩුපාඩු තියේවි. ඒ ගැන බයිස්කෝප් සිංහලෙන් ප්‍රේක්ෂක ඔබගෙන් සමාව අයැද සිටිනවා. දෙවන උපසිරැසියෙන් හමුවන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්. සුබ දවසක්.

 

 

Norm of the North (2016) on IMDb

 

 

416 MB (720p x265) කොපිය මෙතනින් ගන්න

9B5A2C81F19E39B85E75FBCB3887C00E200716B9

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තෂිල රචිත්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>