මේ පාර මන් ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සත්තුන්ට කැමති අය ගොඩක් මේ කතාවට කැමති වෙයි . හරි එහෙනම් මන් කතාවට හැරෙන්නම්.
පෙන්ගුයින්ලා ඇවිත් යන දූපතක් තියනවා. ඒකට අභයභූමියක් කියල සලකන්නේ. එමිලි කියන්නේ ඒක දැනට බලාගන්න කෙනා.එයාගේ අම්මට තමයි මේක අයිති වෙලා තිබිල තියන්නේ. අම්මා නැති වුනාට පස්සේ එමිලි ඒක කරගෙන ගියා. ඉස්සර ගොඩක් පන්ගුයින්ලා ඇවිත් ගියත් නරියෝ ඒ දූපතට පුරුදු වුනාට පස්සේ ගෙන්ගුයින්ලා ලොකු ගානක් අඩුවෙලා ඉතුරු වෙලා ඉන්නේ 20යි.ඒ ගැනත් දවස ගානේ අඩු වෙනවා.ඉතින් රජයෙන් කියන විදිහට ඊලග මසේ වෙද්දී ඒ ගැන 10ටත් වඩා අඩු වුනොත් ඒක වහල දානවලු.ඉතින් අම්මගේ හැමදේම වෙච්ච මේ අභයභූමිය බේරගන්න එමිලි ගොඩක් උත්සහ කරනවා.එමිලිගේ තාත්තා කුකුල් ගොවි හිමියෙක්. එයා ලග ඉන්නවා බල්ලෝ දෙන්නෙක්.එක්කෙනෙක් ඔඩ්බෝල්, අනිත් කෙනා මිසී.මිසී කිකිලියෝ බලාගන්නවා. ඔඩ්බෝල් කලබල ඇති කරන බල්ලෙක්.නගරේට ගේන ඒකත් තහනම් කරලා තියන්නේ.එමිලිගේ තාත්තා එමිලිගේ දුවත් එක්ක ගොඩක් එකතුයි.පෙන්ගුයින්ලා දවස ගානේ අඩු වෙන ඒක ගැන එමිලි විතරක් නෙවෙයි, එයාගේ දුව ඔලිවියත් දුකෙන් ඉන්නේ. දවසක් සීයට හම්බෙනවා තුවාල වෙච්චි පෙන්ගුයින් කෙනෙක්. එයාට බෙහෙත් කරලා කාමරේ තියල ගිය වෙලාවක නරියෝ පනිනවා.එතකොට ඒ පෙන්ගුයින්ව බේරාගන්නේ ඔඩ්බෝල්. එතනින් මේ සීයට හොඳ අදහසක් එනවා. එයයි මිනිබිරියි ඔඩ්බෝල්ව දම්මලා පෙන්ගුයින්ලව ආරක්ෂා කරන සැලැස්මක් හදනවා.එත් මේක එච්චර ලේසි වෙන්නේ නෑ.මේකට බාධා කරන අය වගේකුත් ඉන්නවා. කොහොමාරි ඊලග ගණනය වෙද්දී පෙන්ගුයින්ලා ඉතුරු වෙයිද? එමිලිට අම්මගේ අභයභූමිය රැකගන්න පුළුවන් වෙයිද? ඔයාලට බලන්න පුළුවන්
සුබ දවසක් හැමෝටම!
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපතට ගැළපේ
345 downloads