Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shallow Hal (2001) with Sinhala Subtitles |සැබෑ ලස්සන ඇත්තේ හදවතේය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාළුවනේ!  ඔන්න ඉතින් තුන්වෙනි උපසිරැසිය දීලා සති දෙකක් යන්න කළින් හතරවෙනි එකත් ඉවර කළා.මේක තමයි මම අඩුම කාලයකින් ඉවර කරපු film එක. මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් තමා. ඒ වගේම මේකෙන් අපිට පණිවිඩයකුත් දෙනවා. ඒ තමයි බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා කියන එක.

2001 නොවැම්බර් මාසෙ තිරගත වුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Farrelly Brothers විසින්. Dumb and Dumber, Dumb and Dumber To, There’s Something About Mary වගේ සුපිරි කොමඩි චිත්‍රපට නිර්මාණය කළේ මේ කට්ටිය තමයි. මේක අයත් වෙන්නේ Comedy, Drama, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.9 ක් ලැබිල තියන මේකෙ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ Jack Black සහ Gwyneth Paltrow විසින්. 
කථාව ගැන කිව්වොත් Jack Black එහෙමත් නැතිනම් කතාවේ හැටියට හැල් කියන්නේ කෑල්ලක් සෙට් කරගන්න බැරුව කට්ට කන කෙනෙක්. දවසක් මෙයා මේ විස්තරය TV Guru කියන ශෝ එක කරන ටෝනි රොබින්ස් කියන පුද්ගලයෙක්ට කියනවා. එයා එතකොට හැල් මිනිස්සු දිහා බලන දෘෂ්ටිකෝණය වෙනස් කරනවා.(කොහොමද කරන්නේ කියලා අහන්න එපා) එතකොට එයාට පේන්නේ මිනිස්සුන්ගෙ අභ්‍යන්තර රුපය. බාහිරින් එයා ලස්සනද, කැතද, මහතයිද කියන එක එයාට පේන්නේ නෑ. පස්සේ එයාට මහත කෙල්ලෙක් සෙට් වෙනවා. ඊටපස්සේ වෙන දේවල් ඉතින් චිත්‍රපටිය බාගෙනම බලන්න. ඔයාලා අනිවාර්යයෙන් කැමති වෙයි. එහෙනම් ළඟදීම තවත් කොමඩියකින් හමුවෙමු.
ජයවේවා!!

Shallow Hal (2001) on IMDb

 

 

උපසිරැස සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>