Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S01 : E23] with Sinhala Subtitles |ෂෙපර්ඩ්!! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මාස 7 කට පමණ කලින් NBC නාලිකාවෙ විකාශය ආරම්භ වුනු Blindspot කතාමාලාවෙ පළමු සමයේ අවසානයයි මේ. කොටස් 23 ක් විකාශය වුනත් හැම කොටසක්ම එක වගේ රසවත් වුන නිසා මටත් වැඩි ප්‍රමාදයක් නොකර උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. හැමදාම කමෙන්ටුවක් දාන පිරිසටත් ගොඩක් ස්තූතියි. ඒ අය නැත්නම් මීටත් වඩා උපසිරැසිය ප්‍රමාද වෙයි.  😀

කතාව පටන්ගත්තෙ ටයිම්ස් චතුරශ්‍රය ළඟින් බෑග් එකකින් එළියට ආපු කාන්තාවගෙන්. ඇගෙ ශරීරය පුරාවටම විවිධ පච්චා කොටල තිබුණා. ඒ අතරෙ FBI නියෝජිත කර්ට් වෙලර්ගෙ නමත් සඳහන්ව තිබුණ නිසා ඇය ගැන පරීක්ෂණ කර්ට් වෙලර්ට භාරවුනා. ඇය ගැන කිසිදෙයක් නොදැන හිටියත් ඇගෙ ශරීරයේ තිබුණු පච්චා නිසා ඇය කවුද කියන කාරණට ගැන විටින් විට තොරතුරු දැනගන්න ලැබුණා. ඒ අතරෙ කර්ට් වෙලර්ට දැනගන්න ලැබුණ ඇය තමන්ගෙ පොඩි කාලෙ යෙහෙළියක් වෙලා හිටිය, තමන්ගෙ පියා පැහැරගෙන මරාදැම්ම කියල හිතපු ටේලර් ෂෝ කියල. කොහොම වුනත් ඇගෙ ශරීරය පුරා තිබුණු පච්ච නිසා දැවැන්ත විනාශයන් වලක්වාගන්නත් ඉඩ ලැබුණා. ඒත් ඇත්තටම ඇය ටේලර් ෂෝ ද? 23 වෙනි කොටසෙදි අපිට දකින්න ලැබුණා වෙලර්ගෙ පියා පාපොච්චාරණය කරනව එයා ටේලර් ෂෝ ඝාතනය කලා කියල. එයා ටේලර් ෂෝ ඝාතනය කලානම් ජේන් ඩෝ කියන්නෙ ඇත්තටම කවුද? අවසාන කොටසෙ දකින්න ලැබෙන ප්‍රධානම ගැටළුව තමයි ඒ. කොහොම වුනත් දෙවෙනි කතා සමයකට මඟපාදලාම පළමු කතා සමය අවසන් වෙනව. දෙවෙනි කතා සමය මේ වසර (2016) තුලම නිකුත්වෙන්න නියමිතයි.

එහෙනම්, මාස 7 කට ආසන්න කාලයක් උපසිරැසි ගෙනාපු Blindspot අදින් අවසන් වෙනව. මෙතෙක් කල් රැඳීසිටි හැමදෙනාටමත්, කමෙන්ටුවකින් හෝ ස්තූතිය පළකරපු හැමෝටමත් බොහොම ස්තූතියි.

තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම ජය!!

 

 

Blindspot (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් සඳහා ගැළපේ. Sinhala Subtitle

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>