Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles |සල්ලිකාර බල්ලෝ 2 –විවාහ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම මේක තෝරාගත්තේ. ලොකු කුඩා ඕන කෙනෙක් ට බලන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේකෙ පළමු කොටසේ පපී ගෙයි ක්ලෝයි ගෙයි ආදර අන්දරය දකින්න ඇතිනේ. මේ කොටසිනේ වෙන්නේ එයාලගේ පවුල් ජීවිතය කොහොමද ගලාගෙන යන්නේ කියල. ළමයි බලගැනීම් , වගකීම් වගේ සාමාන්‍ය පවුලක තියන සැම දේම මේකෙ තියනවා.තව බැංකු මංකොල්ලයක් නවත්තන එකක් , ගේ සින්න වෙන එකක් බේර  ගන්න එකක් , සුනඛ ප්‍රදර්ශනයක් වගේ දේවල් කිහිපයකුත් තියනවා. ලස්සන කතාවක්. ගන්න ආදර්ශ කිහිපයකුත් දෙනවා.

මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) කියන එක. ඉක්මනින්ම ඒකත්  දෙන්නම්. ඔයාලගේ ප්‍රතිචාර මම කියවනවා. ඒක හින්ද වචනයක් හරි කියල යන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් දැනට නවතිනවා මේ චිත්‍රපටියේ තියන දෙයක් කියල,

“ සෑම සුරතලෙක්ම ස්ථිර නිවසක් බලාපොරොත්තු වෙනවා. ඉතින් සුරතලයට සතෙක් හදනවනම් ජිවිත කාලයම එයා බලාගන්න. වගකීමෙන් සතුන් ඇතිකරන්න.”

බුදුසරණයි ඔක්කෝටම …!

 

Beverly Hills Chihuahua 2 (2011) on IMDb

 

 

සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles