Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shree 420 (1955) With Sinhala Subtitles |ශ්‍රීමත් කපටියා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Shree 420 (1955)

ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම තමන්ගෙ අවංකත්වය වෙනුවෙන් ලැබුනු රන් පදක්කමද රුපියල් 40කට විකුණනවා. එතෙන්දි තමයි රාජ් ට විද්‍යා ව හම්බ වෙන්නෙ. විද්‍යා කියන්නෙත් රාජ් වගේම දුප්පත් කෙනෙක්. ගමේ ළමයින්ට පොඩි ඉස්කෝලයක් පවත්වාගෙන යනවා. නිතර නිතර මුන ගැහෙන මේ දෙන්නා ආදරයෙන් බැඳෙනවා. මේ අතරෙ රාජ් ට ලොන්ඩරියක රස්සාවක් හම්බ වෙනවා. දවසක් ඇඳුම් වගයක් බාර දෙන්න යද්දි රාජ් ට මායා මුන ගැහෙනවා. එතනින් පස්සෙ තමයි රාජ් ගෙ ජීවිතේම වෙනස් වෙන්නෙ.

1955 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය IMDb අගය 8.1 ක් ගන්නවා. ඒ වගේම අධ්‍යක්ශනය හා නිෂ්පාදනය කරල තියෙන්නෙ රාජ් කපූර්. රංගනයෙන් දායක වෙන්නෙ රාජ් කපූර් සමගින් නර්ගීස්.ශන්කර් ජායිකිශන් විසින් සංගීත අධ්‍යක්ශනය කල මේ චිත්‍රපටියේ මියුරු ගීත අටක් අඩංගු වෙනවා. මෙහි ගීත ගායනා කලේ මුකේශ්, මන්නා ඩේ සමගින් ලතා මංගේශ්කාර්. හස්‍රත් ජායිපූරි සහ ශයිලේන්ද්‍ර විසින් ගීත රචනා කර ඇති අතර මේ සෑම ගීතයකටම එකල සිංහල ගීත නිර්මාණය වුනා.

ඉතින්, ආසිරි අයියා බාගයක් කරල තිබුනු මේ උපසිරැසිය කැළුම් අයියා තමයි මට බාර දුන්නෙ ඉතුරු ටික කරල එවන්න කියලා.බාර ගත්තෙ ගිය අවුරුද්දෙ උනත් දැන් තමයි ඉවර කර ගන්න පුලුවන් උනේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමුවෙමු.

 

 

Thoda Pyaar Thoda Magic (2008) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි “SHREE 420(1955)HINDI-DvdRip h264 KaSh61” පිටපත සඳහා ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>