Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S02 : E24] with Sinhala Subtitles |ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Scorpion SE2

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් එකේ අවසාන කොටසේ සබ් එක අරගෙන ආවා. :p 😀

ඔයාලට මතකද මාර්ක් කොලින්ස්ව. වොල්ටර් එක්ක මුලින්ම ස්කෝපියන් ටිම් එකේ වැඩකරපු කෙනාව. වොල්ටර් එයාගේ පිස්සු ගතිය නිසා එයාව මෙන්ටල් හොස්පිටලන් එකකට යැව්වා. හැබැයි ඉතින් එයා කොහොම හරි එතනින් පැනලා ඇවිත්. ඒ විතරක් නෙවෙයි එලියට ආව ගමන්ම ටෝබිට සිහිය නැතිවෙන්න ගහලා එයාව අරගෙන කොහාටදෝ ගියා. හැබැයි ඉතින් ගොඩක් වෙලා යනකන් ටෝබි අතුරුදහන් වුනා කියලා ස්කෝපියන් ටිම් එකේ කවුරුවත් දන්නේ නෑ. හැපී තරහෙන් වැඩට ආවම තමයි මෙයාලා ඒ ගැන දන්නේ. මුලින් නම් හිතන්නේ ටෝබි සූදු කෙලින්න ගියා කියලයි. හැබැයි පස්සේ මාර්ක් හොස්පිටල් එකෙන් පැනලා ගිය එකත් එක්ක මෙයාලට හිතාගන්න පුලුවන් වෙනවා ටෝබිව මාර්ක් පැහැරගෙන ගිහින් කියලා. හැබැයි මෙයාලට කිසිම අදහසක් නෑ එයා කොහෙද ඉන්නේ එයාට මොනවද ඕනි කියලා. මෙයාලා ටෝබි පස්සේ හොයාගෙන යද්දි නොදන්න අංකයකින් වොල්ටර්ට ‍කෝල් එකක් එනවා. වෙන කාගෙන්වත් නෙවෙයි මාර්ක්ගෙන්. එයා කියන්නේ නම් වොල්ටර්ට එයා කරපු මොළය සම්බන්ධ ව්‍යාපෘතිය දෙන්න නැත්නම් ටෝබිව මරලා දානවා කියලා. හැබැයි ඉතින් වොල්ටර් නම් ඒ ව්‍යාපෘතිය දෙන්න කැමති වෙන්නේ නම් නෑ.

ඔය අතරේ කණ්ඩායමට අලුතින් ආව ටිම් ස්කෝපියන් ටිම් එකේ කාටවත් දිරවන්නේ නැ වගේ. මොකද එයා කරන වැඩ නිසා මෙයාලගේ නිදහස ගොඩක් දුරට නැති වෙලා. ඒ විතරක් නෙවෙයි ටිම් පේජ්ට උකුලු මුකුලුත් කරනවා. හැබැයි මේක නම් වොල්ටර්ට ඉවසන්නේ නෑ. ඒ වුනත් වොල්ටර් පේජ්ට එයාගේ හිතේ තියෙන දේ කියන්නෙත් නෑ. ඒ නිසාම පේජ් ටිකෙන් ටික ටිම්ට ලං වෙනවා. ඒ වගේම ටෝබි නැතිවෙන්න කලින් හැපිට දෙන්න මුද්දක් ගත්තා කියලත් අපි දැක්කා. මොකද හැපී කොච්චර මුරණ්ඩු කෙල්ලෙක් වුනත් ටෝබි එයාට මුළු හදවතින්ම ආදරය කරනවා.

ඉතින් මාර්ක්ට ඕනි දේ දිලා ටෝබිව බේරාගන්න ස්කෝපියන් ටිම් එකට ‍පුලුවන් වෙයිද? නැත්නම් ටෝබිට කරදරයක් වෙයිද? එතකොට ටිම් පේජ් එක්ක ඉස්සරහට මොනවා කරයිද? වොල්ටර් මේක ඉවසයිද නැත්නම් එයා පේජ්ට එයාගේ හිතේ තියෙන කැමැත්ත කියයිද? ඒ වගේම මේ වුන හැමදේමත් එක්ක ටෝබිට එයාගේ හිතේ තියෙන ආදරය හැපීට කියන්න අවස්ථාවක් එන්නේ නැතිවෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>