Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Triple 9 (2016) with Sinhala Subtitles |ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

$
0
0


ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර කරගත්තෙ. මේ චිත්‍රපටියට IMDB අගය 6.3ක් ලැබිල තියනවා. Chiwetel Ejiofor(මයිකල්), Casey Affleck(ක්‍රිස්), Anthony Mackie(මාකස්), Anthony Mackie(ජෙෆ්), Kate Winslet(අයිරීනා) විදිහටත් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. සුපිරිම නළුවො සෙට් එකක්. ඒ ගැන කියන්න ඕන නෑනෙ. පරක්කු වෙලා තියන එකේ වැඩි විස්තර නොකිය කතාව පොඩ්ඩක් කියන්නම්.

මුලින්ම බලමු මොකක්ද මේ ට්‍රිපල් 9 කියන්නෙ කියල. මොකද ඒක ගැන නොකිව්වොත් කතාවෙ තේරුමක් නැති වෙනවා. චිත්‍රපටිය පටන්ගන්නකොටත් ඒකෙ තේරුම මම දැම්ම. ඒ නිසා එච්චර අවුලක් වෙන් නැති වෙයි. ට්‍රිපල් 9 නැත්තම් 999 කියන්නෙ ආරක්ෂක අංශ වල කෝඩ් එකක්. මේකෙන් දැනුම් දෙන්නෙ නිලධාරියෙක්ට වෙඩි වැදිලා කියල වගේම හැකි ඉක්මනින් සියලුම ඒකකයන් එම ස්ථානය වෙත යන්න කියල.

මයිකල්, මාකස්, ගේබ්, ෆ්‍රෑන්ක්කෝ සහ රසල් කියන්නෙ පස් දෙනෙක්ගෙන් සමන්විත අපරාධ කණ්ඩායමක්. මෙයාලගෙන් කිහිප දෙනෙක් පොලිසියේ සේවය කරනවා වගේම කිහිප දෙනෙක් පෙර හමුදාවේ සේවය කරපු අය. මෙයාලට මේ වැඩ බාර දෙන්නෙ අයිරීනා කියල කෙනෙක්. මෙයා ඉහල පෙලේ අපරාධ කල්ලියක නායිකාවක්. ඇත්තටම කිව්වොත් නායකයෙක්ගෙ බිරිඳක්. මෙයාගෙ මහත්තය හිර කරලා තියෙන්නෙ. එයාව බේරගන්න අවශ්‍ය කරන දේවල් සපයාගන්න තමයි මෙයා මයිකල් ඇතුළු කණ්ඩායම පාවිච්චි කරන්නෙ. මයිකල්ගෙ බිරිඳගෙ අක්ක තමයි අයිරීනා කියන්නෙ. මයිකල්ගෙ බිරිඳවයි දරුවවයි එයාගෙන් වෙන් කරල ඒ දෙන්නව ඕන නම් අයිරීනා කියන දේ කරන්න කියනවා. ඒක කරන්න විදිහක් හොයද්දි තමයි මෙයාලට හිතෙන්නෙ ට්‍රිපල් 9 සිදුවීමක් කරමු කියල. මේ අතරේ මෙයාලට විවිධ බාධා එනවා. ඒ මොනවද? ජෙෆ් කියන්නෙ කවුද? ක්‍රිස් කියන්නෙ කවුද? මෙයාලගෙ වැඩේ සාර්ථක වෙයිද? මයිකල්ට සහ කණ්ඩායමට මොකක් වෙයිද? මයිකල්ගෙ පවුලට මොකක් වෙයිද? ගොඩක් ප්‍රශ්න තියනවා. එහෙනම් ඔයාලම බලන්න මේ ට්‍රිපල් 9 එක කොහොමද වෙන්නෙ කියල. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය වේවා!!!

Triple 9 (2016) on IMDb

 

 

සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>