Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Manhattan Night (2016) with Sinhala Subtitles |මෑන්හැටන් රාත්‍රිය (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Manhattan Night (2016)

ටික දවසකට පස්සේ එහෙනම් ආයෙමත් හොඳ ෆිලුමක් අරගෙන තමයි මේ ආවේ. සොම්බි සීරියස් එකත් ඉවරවුනු එකේ හිතුනා ෆිලුම් ටිකක් කරලා ඔයාලාට දෙන්න. වෙනදා වගේ ඉතින් සමීර සහෝගෙන් තමයි මේකත් කරන්න ඉල්ලගත්තේ. ඉල්ලගත්තාට ඉතින් ඉක්මණට කොරන්න බැරි උනා. ඒකටත් ටික දවසක් ගියා. ගොඩ දවසකින් සබක් කෙටුවේ නැති නිසා වේගෙත් පොඩ්ඩක් අඩුවෙලාද මන්දා. මේක එලියට ආවේ නම් මැයි 20 වෙනිදා,කොහොමහරි ටිකක් පරක්කු වෙලා හරි ඔන්න මේකත් ඔයාලාට අරගෙන ආවා.

ඔයාලා හොඳට දන්න අඳුනන තරු දෙකක්  වෙන Adrien Brody සහ  Yvonne Strahovski තමයි ප්‍රධාන චරිත දෙක වෙන්නේ. Colin Harrison විසින් 1996 වසරේදී රචිත Manhattan Nocturne කියන නවකතාව ඇසුරෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brian DeCubellis විසින්. ඒවගේම මෙහි IMDb අගය 6.2 ලෙස සඳහන් වෙනවා. කතාව පැත්තට හැරුනොත්, පෝටර් වෙන්(Adrien Brody) කියන්නේ නිව්යෝක් නගරයේ පත්තර වාර්තාකාරයෙක්. එයා හොඳ ප්‍රසිද්ධ වාර්තාකාරයෙක් වගේම එයාගේ කතා ගොඩාක් අය කියවනවා. ඉතින් එයා දවසක් පාටියකට යනවා. එතනදී එයාට හම්බෙනවා කැරොලයින් ක්‍රවුලි (Yvonne Strahovski) කියලා කෙනෙක්ව. ඉතින් කැරොලයින්ගේ සැමියා අභිරහස් ලෙස මැරුණ කෙනෙක්. එයා සයිමන් ක්‍රවුලි. එයා ඇවිත් හොඳ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. කොහොමහරි සයිමන්ගේ සිරුර හොයාගන්නේ සීල් තියලා කඩලා දාපු ගොඩනැගිල්ලකින්. ඉතින් කාටවත් හිතාගන්න බෑ සිරුර කොහොමද එතනට ගියේ කියලා. ඉතින් කැරොලයින්, පෝටර්ට ඇයගේ ගෙදර එන්න අඬගහනවා එයාගේ සැමියාගේ මරණයේ පොලිස් වාර්තාව පෙන්නන්න. පෝටර් විවාහ වෙලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා, එහෙම වෙලත් කැරොලයින් එයාගේ සැමියාගේ මිනීමැරුම ගැන පෝටර්ට කියලා හොයාගන්න ඕන නිසා එයාගේ පැත්තට පෝටර්ව නමාගන්නවා. එතනින් ගියාම හොබ්ස් කියලා කෙනෙක් ඉන්නවා, එයා තමයි පෝටර් වැඩ කරන පත්තරේ පාලනය කරන අයිතිකාරයා. කැරොලයින්ගේ සැමියා ලඟ හොබ්ස්ගේ වටිනා කියන වීඩියෝ ටේප් එකකුත් තිබිලා තියනවා. ඉතින් පෝටර් කැරොලයින්ගේ ගෙවල් පැත්තේ කරක් ගහනවා කියලා හොබ්ස්  දැනගෙන, අර වීඩියෝ ටේප් එක පෝටර්ට කියලා හොයාගන්න ඕන නිසා පෝටර්ගේ පවුලේ අයට එයා තර්ජනය කරනවා. එහෙනම් පෝටර්ට වීඩියෝ ටේප් එක හොයලා දෙන්න පුලුවන් වෙනවාද කියලා, එච්චර වටින වීඩියෝ ටේප් එකේ රහස මොකක්ද කියලා බලන්න ඔයාලාට බාරයි.

විශේෂයෙන් සඳහන් කරන්න ඕන වැඩිහිටි උදවිය විතරක් මේක බැලුවොත් තමයි හොඳ, මොකද වැඩිහිටියන්ට පමණක් වෙන්වුනු දර්ශන මේකේ ඇතුලත්වෙන නිසා.

තවත් ෆිලුමක් එහෙනම් ඉක්මණටම අරගෙන එන්නම්, ඔයාලා හැමෝටම ජයෙන් ජය.!!!

 

Manhattan Night (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>