Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E23] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක්:නිගමනය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

හොදයි මේ එකතුවෙන්නේ කළු ලැයිස්තුවේ මේ සීසන් එකේ අවසාන කොටසත් එක්කයි… පසුගිය සතියේ සහ පෙර සතියේ සිදුවීම් වලින් පස්සේ ලිස් පිළිබද අපි පළකරපු අනාවැකි හරියනවද කියලා අද බලන්න පුළුවන්වේවිද? සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවීම්. පසුගිය කොටසේදී අපිට දැනගන්න ලැබුනා ටොම්ගේ දෙමාපියන් කවුද කියලා ඒ වගෙම තමයි ටොම් සහ රෙඩ් දෙන්නා හැරල්ඩ් ඇතුළු පිරිසත් එක්ක එකතු වෙලා ලිස්ගේ මරනයේ පලිය ගන්නනේ මේ හදන්නේ. ලිස්ගේ මරණයට වගකියන්න ඕන කියලා රෙඩ් හිතන ඇලෙක්සැන්ඩර් කර්ක්ව ඇමරිකාවට ගෙන්වලා එයාගෙන් පලින්න එහෙම නැත්නම් ලිස්ට යුක්තිය ඊටු කරන්න තමයි මේ අය සුදානම් වෙන්නේ. කොහෙම නමුත් අතිශය රසවත් විදියට කතාව අවසන් වෙනවා මේ සීසන් එක සදහා. නැවත හමුවෙන්නේ සැප්තැම්බර් මාසයේදී. කතාවේ වෙන්න මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ කතාව බලලාම තමයි.

විශේෂයෙන්ම කියන්න ඕන මේ සීසන් එකේ එකම සබ් එකක්වත් නියමිත දිනයට දෙන්න මට පුළුවන් කරමක් ලැබුනේ නැහැ. කට්ටියට තරහ යන්නත් ඇති. ඒත් ඉතිං තියෙන වැඩත් එක්ක මේ දවසට හරි කරගන්නේ හරිම අමාරුවෙන්. ඉතිං ඒවා ඉවසාවදාරන ප්‍රේක්ෂකයින්ට මුලින්ම ස්තුති කරන්න ඕන. අනිත් කාරණාව තමයි මේ සබ් එක දානකොට මුහුණ දීපු ප්‍රධානම ගැටළුව තමයි රෙඩින්ටන්ගේ බර වචන පරිවර්තනය කරන එක. බොහෝ දුරට රෙඩ් පාවිච්චි කරන බර ඉංග්‍රීසි වචන වෙනුවට මමත් පුළුවන් තරම් තේරුමවත් දන්නේ නැති සිංහල වචනයක් දාගන්න උත්සහ කලා කතාවේ රසය ආරක්ෂා වෙන්න ඕන නිසා. ඉතිං ඒක කොයිතරම් දුරට සාර්තක උනාද කියලා නම් මම කියන්න දන්නේ නැහැ.
               ඒ වගේම සුපුරුදු පරිදි නිර්මාණි නංගීල, හසන්ත අයියා, රොයිලි අයියා, විකියා අයියා, පූසා මල්ලි, විමා මල්ලි, ගයාන් මල්ලි, ඇතුළු එකී මෙකී නොකී සියළුම බයිස්කෝප් සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ සීසන්ගේ සබ් දැමීමේ පුරෝගාමියා අංජන අයියාවත් මතක් කරන්න ඕන…
එහෙම නම් මීළඟ සීසන් එකේදී හමුවෙමු…

The Blacklist (2013) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>