Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Garfield (2004) with Sinhala Subtitles |ගාෆිල්ඩ් එක්ක දුම්ර්යෙන් සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Garfield (2004)

ඔන්න මගේ තුන්වෙනි උපසිරස..මේ පාර මන් පොඩ්ඩක් බොක්සින් ගහගෙන මෝරු පස්සෙන් එළවලා මහන්සි නිසා පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් අරගෙන ආවා..එක හොදයි කියලා හිතනවා මගේ කලින් චිත්‍රපටය sharknado 3 oh hell no චිත්‍රපටය බලන්න ඇති කියලා හිතනවා..බලපු අයට ස්තුතියි..බලපු නැති අය අරන් බලන්න…ඉක්මනටම උපසිරස තුනක් ගේනවා නිසා මන් පොඩි නිවාඩුවක් ගන්නයි ඉන්නේ මේකෙන් පස්සේ….(මොනා නැතත් මෝරු නැති තැනකට යන්න ඕනේ ) හරි   ආපහු එන්නේ හොදම හොද ක්‍රියාදාම ඇති චිත්‍රපටයක් අරගෙන ලැස්ති වෙලා ඉන්න එක බලන්න.හරි එහෙනම් අපි කතාවට බහිමු.

ගාෆිල්ඩ් ගැන කට්ටියම දන්නවනේ..එයා මහා කම්මැලි මහත් පුසෙක්…ජෝන් තමයි එයාගේ අයිතිකාරයා… ජෝන් ඉස්කෝලේ යන කලේ ඉදලම ගැණු ළමයෙකුට පැණි හලනවා…එයා ඉන්නේ සත්තු බලාගන්න තැනක..ඉතින් ජෝන් මෙයාව හම්බවෙන්න ඕනේ නිසා ගාෆිල්ඩ් ව රන් හැම වෙලාවේම එහේ අරන් යනවා…එහේ ගිහින් දාගන්න ලෙඩ ගැන ඔයාට මේකෙන් බලාගන්න පුළුවන්…ඒ වගේම ඔඩි එයට හම්බවෙන්නේ කොහොමද? ඒවගේම ඔඩිව පැහැර ගෙන යන කෙනාගෙන් ඔඩිට බේරෙන්න පුළුවන් වේයිද ? ගාෆිල්ඩ් ව සතුන්ව පාලනය කරන ඒකකයෙන් අල්ලන් යනවා ජෝන් දන්නෙත් නැහැ ..එකෙන් එයට බේරිලා ගිහින් ඔඩිව හොයා ගන්න පුළුවන් වෙයිද? හොදම දේ තමයි ගාෆිල්ඩ් ගේ දුම්රිය එලවිල්ල ..එක ගැන නම් කියන්නෙම නැහැ එක ඔයාලා බලලම ඉන්නකෝ…

හොදට හිනාවෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක…චිත්‍රපට 2004 තමයි එලියට අවේ. ඒ වගේම මේ චිත්‍රපටය imdb 5.0  අගයක් තමයි ලබාගෙන තියෙන්නේ…මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වැරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊලග උපසිරසෙන් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>