Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Other Side of the Door (2016) with Sinhala Subtitles |​මැරුණ අයට පාඩුවේ ඉන්න දෙන්න [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Other Side of the Door (2016)

එහෙනම් ඔන්න ආයෙත් ආවා සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන. මුලින්ම කියන්න ඕන බයවෙන කට්ටිය ඉන්නවා නම් මේක බලන්නේ පරිස්සමෙන්. ඇත්තම කිව්වොත් සබ් එක කරද්දි මාවත් දෙපාරක් විතර ගැස්සුනා. කතාවට හම්බෙලා තියෙන්නේ නම් IMDb අගය 5.3 ක් උනාට මම හිතන විදියට ඊට වඩා මේකට ලැබෙන්න ඕන. ඔයාලා හොඳට දන්න කියන රංගන තරුවක් මේකේ ඉන්නවා. Prison Break කතා මාලාවේ ඉන්න කෙනෙක්. එයා තමයි Sarah Wayne Callies.

කතාව ගැන ටිකක් කිව්වොත්,  කාර් අනතුරකින් මරියාට (Sarah Wayne) එයාගේ පුතාව අහිමිවෙනවා. එයා ලොකු කම්පනයකින් ඉන්නේ. ඒකට ලොකුම හේතුව තමයි, ඒ අනතුර වෙලාවේදී මරියාට තීරණයක් ගන්න වෙනවා එයාගේ දුවද පුතාවද බේරගන්නේ කියලා. එයාට දුවව විතරයි බේරගන්න වෙන්නේ. ඉතින් එයා ඒ දුකට බෙහෙත් පෙති වගයක් බොනවා මැරෙන්න කියලා හිතාගෙන. ඒත් එයාගේ මහත්තයා මයිකල් කොහොමහරි ඉස්පිරිතාලේ එක්කන් ගිහින් එයාව බේරගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ එයාලාගේ ගෙදර වැඩ කරන කෙනා පිකීට එයා ගැන දුක හිතිලා මරියාගෙන් අහනවා ඔයාගේ පුතාට සමුදෙන්න අවස්ථාවක් අරන් දෙන්නද කියලා. පිකී කියනවා එයාලාගේ ගමේ පාලු පන්සලක් ගැන. එතනට මැරුණ ලමයාගේ අළු අරන් ගිහින් පන්සලේ පඩිපෙලට ඉහලා ඇතුලට වෙලා ඉන්න කියනවා. එතකොට එයාගේ පුතාගේ ආත්මය ඇවිත් කතා කරයි කියනවා. ඒවගේම එයා අවධාරණයෙන් කියනවා කොයිම වෙලාවකවත් ඒ දොර නම් අරින්න යන්න එපා කියලා. ඒ උනාට මරියා ඒ දොර අරිනවා. ඔන්න ඔතනින් තමයි වැඩේ වරදින්න පටන් ගන්නේ. එයාගේ පුතාගේ ආත්මය ආපහු මේ ලෝකයට එනවා. එයාලාට ගොඩාක් කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා.

එහෙනම් ඉතින් කතාව ඉදිරියට බලන එක ඔයාලාට බාරයි. බැලුවාට කමක් නෑ බයවෙන්න එහෙම එපා ඔන්න 😀 තවත් හොඳ ෆිල්ම් එකක් අරගෙන ආයේ එන්නම්කෝ.

ඔයාලා හැමෝටම ජය !!!

 

 

The Other Side of the Door (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles