Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Cobra (1986) with Sinhala Subtitles |මිනි මරුවන්ගේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන  ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට මේ සිංහල උපසිරසි සමග යන්නේ . රුපවාහිනියක වත් සිංහල උපසිරසි සමග මෙය ප්‍රදර්ශනය වී නැ. රැම්බෝ චිත්‍රපට මාලාවේ පළමු කොටස් දෙක  රඟපෑමෙන් සිල්වෙස්ටර් ස්ටලෝන් ලබාගන් ජනප්‍රියත්වය සහ ශෛලීය මෙම චිත්‍ර පටයට යොදාගෙන තියනවා. මොකද මේකෙ තිර රචනයත් එයාගෙමයි.

කතාව ගැන කියනවානම් කෝබ්‍රා කියන්නේ පොලිසියේ තියන විශේෂ බලකායක සාමාජිකයෙක්. අපරාධ කාරයෙක් ගෙ නඩුවක් උසාවියට යන්න කලින් ඉවර කරන්න ඕන නම් දෙන්නේ මේ බලකායට. මොකද මෙයාල ආවොත් අපරාධකාරයා එතනින් පණපිටින් යන්නේ නැ. ඉතින් මේ කෝබ්‍රා එකතුවෙනවා නගරේ සිදුවන මිනීමැරුම් මාලාවක අපරාධ කාරයෝ වගයක් අල්ලන්න. මේ ඒක මිනීමැරුමක් දකිනවා නිරුපිකාවක් විදියට වැඩ කරන කෙල්ලෙක්. එයාව සාක්කි කාරයෙක් විදියට ආරක්ෂා කරගනිමින් මේ අපරාධ කාරයෝ ටික විනාස කරන එක තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. IMDb  5.6 අරන් තියන එකක් නිසා ඔයාලට හිතාගන්න පුළුවන් නේ මේකෙ තත්වය . පරණ උනත් දර්ශන සහ රුප රාමු වලින් එහෙම පෙන්නේ නැ.

මම ඊළඟට දෙන්න යන්නේ චිත්‍රපට ගැන දන්නා යාලුවෝ හොඳින්ම දන්නා කාලයක ඉතා ජනප්‍රිය වුනු  චිත්‍රපට මාලාවක්. හැබැයි මේ වෙනකම් කොටස් හතරක මේ චිත්‍රපට මාලාවේ එකක් වත් බයස්කොප් අඩවියේ පළවී නැ. ඉතින් තවදුරටත් එහෙම වෙන්න දෙන්න බෑනේ. ඉතින් ඉක්මනටම ඒ අඩුව මගේ අතින් සම්පුර්ණ වේවි. මට කියන්නේ තියෙන්නේ මම මේ කරන වැඩේ අඩුපාඩු හෝ කල යුතු දේ තියනවනම් මාව දැනුවත් කරන්න කියල. වැඩේ හොඳ නම් හොදයි කියන්න. නැත්නම් බැන්නත් කමක් නැ.

ඔන්න ඉතින් මම යනවා කියපු විදියටම ඉක්මනටම ඒ චිත්‍රපටියත් අරන් එන්නම් . 

බුදුසරණයි…!

 

Cobra (1986) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම YIFY BR සහ VPPV BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles