ආයුබෝවන් ඔක්කොටම. ඔන්න ඉතින් කියපු විදියටම මගේ දහතුන්වන උපසිරැසිය විදියට ලෝක විනාසයට සම්බන්ධ චිත්‍රපටියක් ගෙනාවා . 2015 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ කැමති යාලුවෝ නම් ගොඩක් ආසාවෙන් බලාවි. මුල ඉඳල අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියල කියන්න පුළුවන්.
කතාව ගැන කියනවානම් අපේ ලෝකේ ලඟින් යන විශාල ග්‍රාහකයක ගුරුත්වයට අහුවෙලා පෘතුවිය ඉර වටා යන කක්ෂයෙන් අයින් වෙනවා. ඒ හින්ද විශාල කුනාටු හටගන්නවා.ඒත් එක්කම ග්‍රහකයේ කෑලි උල්කාපාත විදියට ලෝකෙට කඩා හැලෙනවා. ඉතින් විනාස වෙන ලෝකය බේරා ගන්න කරන මෙහෙයුමත් මේ විනාශයන් සිද්ද වෙන අතරේ තමන්ගේ දරුවා හොයා ගන්න වෙහෙසෙන මවුපිය යුවලක් ගේ ක්‍රියාවලුත් තමා චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.
මම ඊළඟට දෙන්නේ කොටස් දෙකක් දීල නවත්තපු Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. අද මම මේ සයිට් එකට සබ් දෙන්න පටන් අරන් මාසයක් පිරෙනවා. ඉතින් ඔයාලට උපසිරසි දහතුනක් මට දෙන්න පුළුවන් උනා. මට මාර සතුටුයි එකට. එහෙනම් මම යනවා , ඊළඟ එකෙන් හමුවෙමු. වෙනද වගේම කියන්නේ මම කරන වැඩේ ගැන ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි . ඉතින් කමෙන්ට් එකක් හරහා ඔයාලට ඒ අදහස් මට කියන්න පුළුවන්.
බුදු සරණයි …..!
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
862 downloads