මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාවක්. මොකද මේකෙ කතා වෙන්නෙ සුව නොවන රෝගයක් හැදුණු ගැහැණු ළමයෙක් සහ ඈ වටා සිදු වෙන සිද්ධි දාමයක් ගැන නිසා. දෙමව්පියෝ කියන්නෙ කොයිවගේ අයද, යාළුවෝ, පෙම්වතුන් ඒවගේම ආබාධිතයි කියන එක සමාජය පිළිගන්නෙ කොහොමද කියන එක වගේම, මිනිස්සුන්ගෙ මනුස්සකම තදින් ප්‍රශ්න කරන කතාවක් තමයි මේක. කෙටියෙන්ම කිව්වොත් කෙලින්ම හදවතට වැදෙන කතාවක්. ඒවගේම රෝගියෙකුට දැනෙන හැටි කෙලින්ම කතා කරන ටෙලි නාට්‍යක්. මේ කතාව ඒතරම් තාත්වික වෙන්ඩ හේතුව කිටෝ ආයා spino –cerebellum degeneration කියන සුවනොවන රෝගයක් සෑදුන දැරියක් විසින් ලියන ලද දින සටහන් ඇසුරුකරගෙන මේ කතාව නිර්මාණය වෙච්ච එක. ඒ වගේම කියන්ඩ ඕනෙ මේ කතාවෙ ප්‍රධාන චරිත වගේම සෙසු හැම චරිතයක් වගේම උපරිමයෙන් චරිත නිරූපනය කරලා තියෙනවා කියලා.
හොඳයි මම කෙටියෙන් කියන්නම්කෝ පළවෙනි කොටසෙ මොකද වෙන්ඩ යන්නෙ කියලා. මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ක්‍රීඩාශීලී දැරියක් වන ඉකෙඋචි ආයා. එයා 6 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් දරුවා. එයාගෙ තාත්තා ටෝෆු කඩයක් කරන්නෙ. අම්මා සෞඛ්‍ය නිලධාරිනියක්. අකෝ කියන්නෙ ආයාගෙ ලොකු නංගි, රිකා කියන්නෙ එයාගෙ බාල නංගි පවුලෙ බාලයත් එයා තමා. හිරෝකි කියන්නෙ පවුලෙ 3 වෙනි ළමයා, එයා තමා ආයගේ එකම සහෝදරයා. ආයා කම්ම්මැලි නැති ළමයෙක්. ගෙදර වැඩට වගේම පවුලේ ටෝෆු ව්‍යාපාරයටත් එයා ගොඩක් උදව් කරනවා. උසස් පාසල් පරීක්ශණය දවසෙවත් එයා ඒ වැඩ අතපසු කරන්නෙ නෑ.
ඉතිං ආයා පරීක්ශණයට පෙනී ඉන්ඩ උසස් පාසලට යන අතරෙ බස් රථයෙදි හොඳටම නින්ද ගිහින් හරි තැනින් බැහැ ගන්ඩ බැරි වෙනවා. එයා ඉස්කෝලෙ තියෙන පැත්තට දුවගෙන යනවා. ඒ අතර දෙපාරක්ම එකපාරට වැටෙනවා. එයා හිතන්නෙ ඒ හැම එකක්ම වෙන්නෙ මහන්සිය නිසා කියලා. ඒත් ඇත්තම කියනව නම් ඒක නපුරු රෝගයක මූලික හදුනාගැනීමේ රෝග ලක්ශණයක්.
ඉතිං මේ දෙවෙනි පාර ආයා වැටෙන්නෙ නවත්තලා තිබුණු බයිසිකල් වගේකුත් පෙරලගෙන. ඉතිං කවුද එයාට උදව් කරන්නෙ? උදව් කරන කෙනාට ඒකෙන් වෙන්නෙ වාසියක්ද අවාසියක්ද? මේ හැම එකක්ම බලලම තීරණය කරන්ඩකෝ.
හැබැයි දිගටම බලන්ඩ ලෑස්ති වෙනව නම් අඬන්නත් ලෑස්ති පිට බලන්න කියලා පූර්ව දැනුම් දීමකුත් කරන්ඩ ඕනේ.
68 downloads