Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gridlocked (2015) With sinhala subtitles |දැවැන්ත ප්‍රහාරයක්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Gridlocked (2015)

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ  ටිකේ  ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා.DOMINIC PURCELL,STEPHEN LANG, CODY HACKMAN වැනි රංගන ශිල්පින් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.හොදයි එහෙමනම් දැන් සිනමාටයට පාදක වුන කතාව ගැන බලමු.

බ්‍රෝඩි වෝල්කර් කියන්නේ සිනමා තරුවක්. මෙම සිනමා තරුව නොයෙක් වැරදි හේතුවෙන් පොලිස් අධික්ෂණය  යටතට පත් කරනවා.එහෙම දාන බ්‍රෝඩිව බලාගන්න අහුවෙන්නේ ඩේවිඩ්ව .ඩේවිඩ් කියන්නේ SWAT කණ්ඩායම් නායකයෙක්.ඔහුව රෝගී වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිමවන තුරු පොලිසියේ සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කරලයි තියෙන්නේ.ඉතින් දවසක් මේ බ්‍රෝඩිගේ පෙරැත්ත නිසාම ඩේවිඩ් ඔහුව එක්කන් යනවා SWAT නිලධාරින් ඉන්න මධ්‍යස්තානයකට. එහෙම ගියපු දවසේ තමා ජරමර සේරම පටන්ගන්නේ. පිටින් පොලිස් මධ්‍යස්ථානයක් වගේ තිබ්බට ඇතුලතින් රහසේ රජය විසින් ඔවුන් අල්ලාගන්නා ඉහල වටිනාකමින් යුත් බඩුභාණ්ඩ තැන්පත් කරන්න මෙම ස්ථානය යොදාගන්නවා.ඉතින් මෙන්න මේවා ගන්න තමයි එක්තරා කණ්ඩායමක් මෙතනට පහරදෙන්නේ.ඉතින් පහරදෙන්නේ කවුද?ඔවුන්ට මොනවද අවශ්‍ය? ඔවුන්ට ඩේවිඩ් සහ බ්‍රෝඩි ඇතුළු පිරිස මුහුණදෙන්නේ කොහොමද කියලා කට්ටිය බාගෙනම බලන්න.

එසේනම් පුළුවන් වුනොත් තවත් චිත්‍රපටියකින් හමුවෙමු. එහෙම නැතිනම් මම යලි ඔබ හමුවට එන්නේ මෙම මස අන්තිම වගේ තමා. එහෙනම් ඔබ සැමට ජය. බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් එහෙම කොටාගෙන ගියා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.

Bridge of Spies (2015)

Gridlocked (2015) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>