ඉතිං මතකනේ ආයගෙ අම්මයි තාත්තයි තීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම් නෑ.මොකද ඒක ආයට වගේම එයාලටත් ලොකු වේදනාවක් නිසා.
මේ අතරෙ ආයා යනවා යුකාවයි එයාගෙ තාත්තවයි බලන්න රෝහලට. ආයට යුකාගෙ තාත්තට තියෙන රෝගය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙනවා. ඒ ඉතරක් නෙමේ හරුටෝගෙ තාත්තවත් හම්බවෙනවා. මේ නිසා හරුටෝ ආයගෙ ගෙදර ගිය කතාව අසෝ දොස්තර මහත්තයා එහෙම නැත්නම් හරුටෝට දැනගන්න ලැබෙනවා. ආය ඉන්පස්සෙ තනියම ඩොක්ට මිසූනෝ හම්බවෙන්ඩ යනවා,ඇත්තටම එයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා දැනගන්න. ඒත් ආයට ඒ ගැන අහන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒත් ආයා යුකාගෙ තාත්තට තියෙන රෝග ලක්ශණ තමන්ටත් තියෙන නිසා ඒ රෝගය ගැන හොයලා බලනවා.ඉතින් ආයා දැනගන්නවා ඒ රෝගය සුවකරන්න බැරි එකක් කියලා.
ඔය හැම එකක්ම වෙන්ඩ කලින් තව දෙයක් වෙනවා. හැම කෙනෙක්ම දන්නවනේ ආය කැමති කෙනෙක් පිරිමි ළමයින්ගෙ පැසි පන්දු කණ්ඩායමේ ඉන්නවා කියලා. එයා ආයට එයත් එක්ක ඇවිදින්න යන්ඩ එන්ඩ කියනවා. ඉතිං එහෙම ඇවිදින්ඩ ගිය වෙලාවෙ හරි වැඩක් වෙනවා. ඒ නිසාමයි ආයා එයාගෙ රෝගය මොකද්ද කියලා හොයන්ඩ කල්පනා කරන්නෙ.
ඔය විදිහට ගායනා තරඟය තියෙන දවසත් එනවා. ඩොක්ට මිසූනෝ ආයගෙ අම්මයි තාත්තයි හම්බවෙන්ඩ එයාලගෙ ගෙදරටම එනවා. මොකද ආයට තියෙන රෝගය ගැන ආයව දැනුවත් කරන එක වැදගත් කියලා දැනුවත් කරන්න. මොකද දොස්තර මිසූනෝට තේරෙනවා ආයට ඒ ගැන සැක හිතිලා තියෙන්නෙ කියලා.
ඉතින් ආයගෙ දෙමව්පියො මේ අදහසට එකඟ වෙයිද? ආයා හරුටෝ එක්ක රණ්ඩු කළේ ඇයි? මේ හැම එකටම හේතුව මේ කොටසින් දැනගන්ඩ පුලුවන්.
30 downloads