Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lake Placid vs. Anaconda (2015) with Sinhala Subtitles |කිඹුල් විල 5 –කිඹුල්ලුන්ට එරෙහිව ඇනකොන්ඩෝ (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක් ඉන්න එකක්. ඒත් මම දන්නවා ඔයාල පුදුම වේවි කොහෙන්ද තවLake Placid එකක් ආවේ සහ ඇයි මම කියුවේ නැත්තේ කියල. මොකද යාලුවෝ කිහිපදෙනෙක් ඇරුනම ගොඩක් අය දන්නේ නැ Lake Placid චිත්‍රපටියක් 2015ආවා කියල. මට මේක ඔයාලට surprise විදියට දෙන්න ඕන උනා. මොකද මම හිතුවා Lake Placid පළමු එකේ ඉඳල මගේ උපසිරැසිය ගත්ත මට කමෙන්ට් දැම්ම යාලුවොන්ට, මේක මගෙන් ලොකු තෑග්ගක් වේවි කියල. මම හිතනවා එහෙම වේවි කියල. DVD සහ CABLE TV සඳහා පමණක් නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය ගොඩක් යාලුවොන්ට තාම ඇහැ ගැටිලා නැ.

කාලයක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට එකතුවක් වන Anaconda චිත්‍රපට කණ්ඩායමත් Lake Placid කණ්ඩායමත් එක්ක එකතුවෙලා තමා මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ. Anaconda චිත්‍රපට එකතුවේ පස්වන එක වගේම Lake Placid චිත්‍රපට එකතුවෙත් පස්වන එක විදියට මේක සලකන්න පුළුවන්. මේ කතාංග දෙකේම තිබ්බ දේවල්වල එකතුවක් මේ චිත්‍රපටිය පුරාවටම තියනවා. මේ කතා දෙකටම කැමති යාලුවොන්ට ඔන්න එක චිත්‍රපටියක් එකතුවෙලා බලන්න අවස්තාව.

කතාව මේකයි, ඇනකොන්ඩෝ ගැන පරිෂණ කරන කණ්ඩායමක් හොරෙන් මෙයින් වල කිඹුල්ලු ඉන්න විලට ඇතුල්වෙලා නීති විරෝධි පරීක්ෂණයක් කරනවා. ඒකට කිඹුලෙකුත් යොදා ගන්නවා. කොහොමහරි සිද්ද වෙච්ච අනතුරකින් කිඹුල්ලු වට කරලා තිබ්බ විදුලි වැට කැඩිලා කිඹුල්ලු එලියට ඇවිත් වෙනත් ළඟ තියන විලකට යනවා. ඒ මදිවට පරික්ෂනාගාරේ හිටපු ඇනකොන්ඩෝ තුන්දෙනෙකුත් පැනල යනවා, එකෙක් බිත්තර දාන්නත් ලඟයි. මේ අතරේ මේ කිඹුල්ලු නැති විලට ගැනු ළමයි කණ්ඩායමක් එනවා විනෝද වෙන්න. ඉතින් මේ විලට එකපාරට කඩන් පාත්වෙන කිඹුල්ලු මොනවද කරන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඒ මදිවට ඇනකොන්ඩෝත් ඉනන්වා දැන්. ඉතින් මේ ළමයි කණ්ඩායම බේර ගන්න එක තමා මේකේ තියන එක කතාවක්. තව නිදහස් උන ඇනකොන්ඩෝ හොයන් එන පරීක්ෂණ කණ්ඩායමේ අයිතිකාරයෝ උන් හොයන ඒක තව කතාවක්. ඉතින් මේ දෙකටම මැද්දේ කිඹුල්ලු ඇනකොන්ඩෝ එක්ක මිනිස්සු කාවිද, උන් වෙන වෙනම මිනිස්සු කාවිද නැත්නම් උන් එකිනෙකා කා ගනිවිද  කියන එක දැන ගන්න ඔයාලා චිත්‍රපටිය බලන්නම වෙනවා. 

මම ඊළඟට දෙන්නේ කාලයක ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපට එකතුවක පළමු කොටස. පුදුමේ කියන්නේ කොටස් හතරක් තියන මේ එකතුවෙත් එකක් වත් බයිස්කෝප් එකේ නැ. එකට ඉඩදෙන්න බැ. සති එකහමාරකින් විතර ඔක්කොම මේ සයිට් එකේ ඇති. මම කියුව ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක තමා ඒක. ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් වේවි, “ ලස්සන පිටසක්වල ජීවියෙක්” කියන එකෙන්. 

හරි ඉතින් මම යනවා. ඉක්මනටම එන්න බලන්නම්. වෙනදා වගේම මම ඔයාලගේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා.ඉතින් බාගත කරන ගමන් මගේ වැඩේ ගැන ඔයාල දරන අදහස හොඳ හෝ නරක කියන්න අමතක කරන්න එපා.

මෙම චිත්‍රපටියේ තියන ඇතැම් රූපරාමු හින්ද මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. ඒ හින්දා අවුරුදු දහ අටට අඩු යාලුවෝ මේක බලන්න එපා.

බුදු සරණයි …..!

 

 

Lake Placid vs. Anaconda (2015) on IMDb

 

 

 

මෙම උපසිරැසිය Lake Placid vs Anaconda 2015 UNRATED DVDRip XviD-EVO පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>