මෙන්න පුදුම දෙයක් සිද්ද වෙලා. මොක්කද ඒ. පාර්ක් සෝහා අතුරුදහන් වෙලා. කොහොම මොන විදිහට හෙව්වත් හේ සන්ග් ට බැරි වෙනවා සෝහා ව හොයාගන්න. ඉන්පස්සේ කාලය ගෙවිලා යනවා. හේ සන්ග් තමන්ගෙ පරණ පුරුදු ජීවිතේටම පුරුදු වෙනවා. හරියටම සෝහා ව හමුවෙන්න කලින් තිබුන අපිලිවෙල කම්මැලි ජීවිතේට. උසාවියෙදි ඩූ ඉයොන් හේ සන්ග්ව පරද්දන වාර ගනන වැඩි වෙනවා. ඒත් ඒක ඩූ ඉයොන්ට සතුටක් ගෙනෙන්නේ නැහැ. මොකද ඇයටත් ඕනෙ කරන්නේ ඉස්සර වගේ තමන් සමග කරට කර සටන් කරපු තමන්ගෙ හිතුවක්කාර යාලුවව ආයෙමත් දකින්නයි. ඔහොම ඒකාකාරී විදිහට කාලය ගෙවිල යද්දි කවුරුත් නොහිතපු දෙයක් සිද්දවෙනවා. මියගිය කෙනෙක්ගෙ කියල සැක කරන කපල දාපු අතක් හමුවෙනවා ඈත ගමකින්. ඒ අත මින් ජුන් ගූක්ගෙ කියන පොලීසිය ඒකට සැක කරන්නේ වෙන කාවවත් නෙවෙයි පාර්ක් සෝහා වයි.
40 downloads
<< Previous Episode All Episodes Next Episode>>