ඇමරිකානු ඉතිහාසයේ බොහොම දුක්බර කාලයක් තුල වුන අප්‍රසන්න සිදුවීම් දාමයක් අලලා තමයි මේ ගෙන්න හදන චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. 1861 එක්සත් ජනපදය හා ඒකාබද්ධ ජනපදය ලෙස ඇමරිකාව දෙකට බෙදිලා ආරම්භ වුන මේ යුද්ධය වෙනුවෙන් සියලුම පවුල්වල වගේ පිරිමි අනිවාර්යය සේවයට වාර්තා කිරීම සිද්ධ වුනා. මේ නිසාවෙන් ගෙවල් කාන්තා පාර්ශවයට තනියම රැක බලාගන්න සිද්ධ වෙනවා. වෙනදා පිරිමි කල ගොවිතැන් වැඩ පවා ඔහුන්ට ඉතිරි වෙන තත්වයක් තම ඒ කාලේ උදා වෙලා තියෙන්නේ
අපේ කතාව ආරම්භ වෙන්නේ 1865 වර්ෂයේ මේ තමයි සිවිල් යුද්ධයේ අවසාන අදියර. දකුණු පළාතේ ගොවිපළක සහෝදරියන් දෙන්නෙක් හා ඔවුන්ගේ නිවසේ වැඩට සිටින වහල් සේවිකාව විතරයි ඉතුරු වෙන්නේ, අනික් සියල්ලම යනවා යුද්ධය වෙනුවෙන් තමුන්ගේ වැඩ කොටස ඉටු කරන්න. ඔහොම කාලය ගෙවිලා යනවත් එකක්ම යුද්ධයේ අවසාන අදියරේ හමුදාවෙන් වෙන්ව එන සෙබළුන් දෙනෙනෙක් වට පිටේ ගැහැණු දුෂණය කරමින්, ගෙවල් ගිනි තියමින් යනවා… මේ සහෝදරියන්ගෙන් ලොකු සහෝදරිය ඔවුන් කෙනෙකුගේ ඇස ගැටීමෙන් තමයි කතාව වෙනස් අතකට හැරෙන්නේ…..
මේ පිරිසට වියරු සොල්දාදුවන්ගෙන් ගැලවෙන්නට ලැබේවි ද? අවසානය කොහොම වේවි ද? මේ ටික බලාගන්න නම් නම් විනාඩි 93 ක් වය කරලා මේ කතාව බලන්නම වෙනවා…
මේක 2014 ලෙස නම් වෙලා තියෙන්නේ කැනඩාවේ ටොරන්ටෝ චිත්‍රපට උළෙලේදී මංගල දර්ශනය පැවැත්වීම නිසාවෙන්, සත්‍ය ලෙසම ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 2015 සැප්තැම්බර් 25. Daniel Barber ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන මෙම සලරුව Julia Hart ගේ පිටපටක්. ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Brit Marling, Hailee Steinfeld, Sam Worthington වගේ පිරිසක්. Sam Worthington (Avatar (2009), Clash of the Titans (2010)) චිත්‍රපට ගණනකම වීරයා ලෙස රංගනයෙන් දායක වුනත් මේ වතාවේ නම් ඔහු තමයි දුෂ්ටයා වෙන්නේ.
IMDB 6.0 ක් අගයක් වගේම රෝටන් ටෝමාටෝ 68% වගේ අගයක් ලබාගත්ත මේ සලරුව එහෙනම් ඔබට බාරයි, තවත් උපසිරැසකින් හමුවෙන තෙක් ඔබ සැමට ජය වේවා….!!
516 downloads