ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරන් ආවා. ඔයාලට මතකනේ මේ කතා මාලාව පටන් ගන්නකොටම කතා නායකයා වෙන්නේ ලිස් පාකර්. මෙයා මේ වෙන දේවල් හැම දෙයක් ගැනම දින පොතක සටහන් කරනවා දැකලා තියෙනවනේ. ඉතින් හදිසියේම මේ දින පොත අතුරුදන් වෙනවා. ඉතින් මේක හොයාගන්න ලිස් නොකරන දෙයක් නෑ.
ඒ වගේම තමයි ඔයාලට මතකද මයිකල් ෂෙරිෆ් වැලන්ටිගේ කාර්යාලයට හොරෙන් පැනලා යතුරක් හොයාගත්තා. ඔහු ඒ යතුර අල්ලන කොටම මොනාද දේවල් වගයක් පෙනුනා. ඉතින් ඔහුට මේක නැවතත් පේන්න පටන් ගන්නවා. ඒ හීනෙන්. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔහු ඒ දේවල් නැවත මතක් කරන්න හදනවා. ඉතින් මේ දේවල් වගේම ලිස්ගේ දින පොත හොයාගන්නේ කොහොමද, ඒක කවුද ගත්තේ ඒ වගේම පාසලට අලුතින් ආව මිස් ටොපෝල්ස්කිගේ සැබෑ ස්වරෑපය ගැනත් ටික ටික මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
157 downloads