ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ තිබෙනු නොඅනුමානයි.මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ තිබෙනවානම්, මොහුගේ චිත්‍රපට කෙතරම් නම් මනරම්ද යන වග විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.සෙසු ප්‍රධාන චරිත සඳහා Terminator Salvation (2009), The Expendables (2010), The Expendables 2 (2012), The Expendables 3 (2014) තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණි Terry Crews ද, The Twilight Saga: New Moon (2009), The Twilight Saga: Eclipse (2010), The Twilight Saga: Breaking Dawn – Part 1 (2011), The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) යන චිත්‍රපටයන්හි රංගන දායකත්වය සැපයූ Taylor Lautner ද, තම නිසඟ හැකියාවන්ගෙන් මෙම චිත්‍රපටය ඔපමට්ටම් කිරීමට සමත් වී තිබෙනවා.සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, The Do-Over (2016) සහ The Legend of Tarzan (2016) යන විශිෂ්ට නිර්මාණයන්හි සංගීත අධ්‍යක්ෂණය කල Rupert Gregson-Williams විසිනි.සිනමාකරණය කරනු ලබන්නේ XXX (2002), Paul Blart: Mall Cop 2 (2015), The Do-Over (2016) යන ප්‍රසිද්ධ චිත්‍රපට සිනමාකරණය කල, වයස අවුරුදු 73ක් වන Dean Semler නම් අති දක්ෂ, පළපුරුදු සිනමාකරණ ශිල්පියා විසිනි.අවසාන වශයෙන්, Columbia Pictures, Paramount Pictures සහ Warner Bros යන ලොව සුපතල චිත්‍රපට බෙදාහැරීමේ ආයතනයන් සමගින් මෙම චිත්‍රපටය සඳහා තියුණු සටනකින් පසුව, බෙදා හැරීමේ අයිතියි හිමි වන්නේ Netflix නාලිකාවට.මේ සියලු කාරණා වලින් විද්‍යාමාන වනුයේ එක් කාරණාවක් පමණි.එනම්…මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂී භාවයයි.
චිත්‍රපටය තුළ Adam Sandler විසින් නිරුපණය කරනු ලබන්නේ, කුඩා කාලයේ පටන් රතු ඉන්දියන් වරුන් විසින් හදා වඩා ගන්නා, ක්‍රම ක්‍රමයෙන් ගෝත්‍රයේ අති දක්ෂම සටන් කරුවා බවට පත්වන ටොමී නමැති පුද්ගලයාගේ භූමිකාවයි.මොහුගේ මතකයේ තිබෙන්නේ සිය මව පිළිබඳව දුක්මුසු මතකයක් පමණයි. නමුත් එක් දිනක් හදිසියේම මොහුගේ පියා යැයි කියාගන්නා පුද්ගලයෙක් මොහුව සොයාගෙන පැමිණෙනවා. ඒ අන් කවරෙකු හෝ නොවේ.සමස්ත බටහිර ඇමරිකාවම තම තරුණ වියේදී සන්ත්‍රාසයට පත්කරමින්, වර්තමානයේ සිය සැදෑ සමය ගෙවමින් සිටින සුප්‍රකට මංකොල්ලකරු ෆ්‍රෑන්ක් ස්ටොක්බර්න්. නමුත් අවාසනාවකට මෙම පිය පුතු දෙපලට සැනසිල්ලේ සිටීමට ලැබෙන්නෙ ඉතාමත් සුළු කාලයක් පමණයි. අති විශාලා කප්පම් මුදලක් ඉල්ලා ෆ්‍රෑන්ක් ස්ටොක්බර්න්ව සාහසික කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලබයි. සිය පියා බේරා ගැනීමට නොබියව ඉදිරිපත්වන, රතු ඉන්දියානු ගෝත්‍රයේ දක්ෂතම සටන් කරුවා වන ටොමී, සිය පියා බේරාගැනීමට අවශ්‍ය මුදල් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් තනිව පටන් ගනී. එනම්…මංකොල්ල කමින් මුදල් සෙවීමයි. සිය ජීවිත කාලය පුරාවටම පැය කිහිපයකට පමණක් දෑසින්ම දැකගත් සිය පියා වෙනුවෙන් කෙසේ හෝ කප්පම් මුදල ගෙවා ඔහු නිදහස් කරගන්නා අදිටනින් දිරි ගැන්වූ මෙම අති දක්ෂ සටන් කරුවා හට, සිය පියාට දාව වෙනත් කාන්තාවන්ගෙන් උප්පත්තිය ලද සොහොයුරන් පස් දෙනෙකුන් හමුවන්නේ ප්‍රාතිහාර්යයකින් මෙනි. විශේෂත්වය වන්නේ, මොවුන් සියලු දෙනා හටම එකිනෙකාට අනන්‍යය වූ සුවිශේෂී හැකියාවන් පිහිටා තිබීමයි. මෙම සුවිශේෂී හැකියාවන්ගෙන් සන්නද්ධව, ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සියලු දෙනාගේම ඇස් වසමින්, තම පියා බේරා ගැනීමේ තිර අදිටනින් යුතුව මංකොල්ල කෑම් වල නිරත වන මෙම සහෝදරයන්ගේ ඉරණම කෙබඳු ආකාරයේ එකක් වේද… චිත්‍රපටයේ අවසානය නම් ප්‍රේක්ෂකයා සිහිනෙන් හෝ නොසිතන ආකාරයේ අවසානයක් වනවා නොඅනුමානයි.
පුළුවන් හැම දෙනාම අරගෙන බලන්න. චිත්‍රපටයේ පසුබිම් පවා ඉතාමත්ම තාත්වික ආකාරයෙන් සකසා තිබෙනවා. සටන් ජවනිකා, හාස්‍ය ජවනිකා, සංවේදී ජවනිකා. මේ සියල්ලම ඇතුලත් දැවැන්ත නිර්මාණයක් බව සහතික කරලා කියන්න පුළුවන්.
තවත් නිර්මාණයකින් හමුවෙනතුරු…,
සියලු දෙනාටම ජයවේවා…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Show.
The.Ridiculous.6.2015.720p.WEB-DL.999MB.ShAaNiG
ඉහත පිටපත උපසිරැසි ගොනුවේ ඇතුලත් වේ.
668 downloads