එක දිගටම ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් සහ හින්දි චිත්‍රපටයක් දුන්න නිසා, මේ වතාවේ තෝර ගත්තේ 2016 ජුනි මස 24 වෙනිදා නිකුත් වුණු, Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ Imdb දර්ශකයේ 8.6ක දැවැන්ත අගයකට උරුමකම් කියන සුපිරිම දමිළ සිත්තමක්.චිත්‍රපටයේ හොඳ පිටපතක් සමගින් උපසිරැසියක් නිකුත් වුණේ ජූලි 15 වෙනිදා අළුයම.වැඩ රාජකාරි මධ්‍යයේ වුණත් කොහොමින් කොහොමහරි ජූලි 17 වෙනිදා පාන්දර 1 වෙද්දී තමයි උපසිරසියේ වැඩ ඉවරකරලා මේ ලිපිය ලියන්න පටන් ගත්තේ.මේක ඉක්මණටම කරලා දෙන්න ඕනේ කියලා හිතුවේ, මොකද මේ වගේ චිත්‍රපටයක් පරක්කු කරන්න කරන්න හොඳ නැහැ.දමිළ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටයේ උපසිරසියක් එනකන් බලාගෙන හිටියා කියන එක රහසක් නෙමෙයි.
චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන්නේ Shirish විසින්.දමිළ සිනමාවට නවකයෙක් වුණත්, රංගනයට නම් ඔහුගේ කිසිඳු ආධුනික බවක් විද්‍යාමාන වන්නේ නැහැ.ඔහු සමගින් රංගනයෙන් දායක වෙනවා වර්තමානයේ දමිළ සිනමාව තුල පෙරලියක් කරමින්, ඔහුටම අනන්‍යය වූ රංගන ප්‍රතිභාවකින් යුත් අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ අන් කවරෙකු වත් නොවේ, Bobby Simha.මෙම චිත්‍රපටය තුල ඔහුගේ රංගනය පිළිබඳව නම් කියන්න තියෙන්නෙ, අති විශිෂ්ටයි කියලා තමයි.මං මේ කියන දේ හරිද වැරදිද කියලා, චිත්‍රපටය නැරඹුවාට පස්සේ ප්‍රේක්ෂක ඔබටම තීරණය කරන්න පුළුවන්.මොවුන් දෙදෙනාට අමතරව Yatchan (2015) චිත්‍රපටය තුලින් ඔබ හමුවට පැමිණි Sendrayan ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා.
කිසිවෙකුටත් කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක පවුලක් ඉන්නවා.පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, සහ පුතාලා දෙන්නා.තාත්තා, විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙක්.මව ගෘහණියක්.වැඩිමහල් පුතා සඟරාවක රචකයෙක්.බාල පුතා උසස් අධ්‍යාපනය ලබනවා.මේ පවුලට ලොකු ලොකු සල්ලි, ලොකු ලොකු ප්‍රාර්ථනා නම් නැහැ.හැබැයි පවුල පුරාවටම ආදරය දෝරේ ගලා යන්න තියෙනවා.ඒ නිසාම එයාලා සතුටින් දීර්ඝ කාලයක් ජීවත්වුණා….හැබැයි වැඩි කාලයකට නම් නෙමෙයි.හදිසියේම මේ පවුලට කණ කොකා හඬන්න ගන්නවා.පවුලේ බාල පුතාගේ එක්තරා ඉල්ලීමක් තාත්තා විසින් ප්‍රතික්ෂේප කරනවා.මේ කාරණාව ටිකෙන් ටික දුරදිග ගිහින්…..අවසානයේ බාල පුතා විසින් එක්තරා තීරණයකට පැමිණෙනවා.මේ තීරණයත් සමගින්, මේතාක් කාලයක් පුරාවට ආදරය, සිනහව දෝර ගලමින් තිබුණ ඒ පවුල, එක් නිමේෂයකින් සුනු විසුනු වී යනවා.පවුලේ ආදරණීය සාමාජිකයෙක්ට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට තරම්, එම තීරණය බිහිසුණු වෙනවා.නමුත් පවුලේ ඉතුරු සාමාජිකයින් කිසිවෙක් සිහිනෙන් හෝ විශ්වාස කරන්නෙ නැහැ, තම දයාබරයාගේ වෙන්වී යාමට හේතුව වන්නේ තම පවුලේම කෙනෙක් බව.නමුත්….අවසානයේ එක් අයෙක් සටනට බහිනවා තමන්ගේ ජීවිතයට සිදුවූ මේ අකටයුත්ත වෙනුවෙන්.අගක් මුලක් සොයාගත නොහැකි අවුල් ජාලාවක් බඳු වූ ගැටලුවක, පියවරින් පියවර විසඳමින්, අදාළ සියලු දෙනාගෙන්ම අති දරුණු අන්දමින් පලිගනිමින්, ගැටලුවේ අභයන්තරයටම ගමන් කරනවා.අවසානයේ ඔහුට දැකගන්නට ලැබෙනවා….හද කම්පා කරවන දසුනක්….කිසිඳු මිනිසෙක් දැකීමට අකමැති අන්දමේ දර්ශනයක්….ඔහුගේ හදවත පුපුරා යනවාක් මෙන් ඔහුට ගැනෙනවා…..නමුත්…ඔහු තීරණයක් ගන්නවා…..හදවතට නොව, බුද්ධියට තැන දෙමින්…
පුළුවන් හැම දෙනෙක්ම අරගෙන බලන්න.කාලෙකින් බලපු හොඳම චිත්‍රපටයක් වේවි.පොඩි හරි සැකයක් තියෙනවනම්, ට්‍රේලර් එක බලලා ඉන්නකො.
තවත් නිර්මාණයකින් හමුවෙනතුරු, සියලු දෙනාටම ජයවේවා…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
මෙම සිංහල උපසිරසි සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.
1407 downloads