Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Twenty (2015) with Sinhala Subtitle |විසිවෙනි විය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Twenty (2015)
ඔන්න මම වැඩි දවසක් යන්නත් කලින්ම ආව තවත් සුපිරිම සුපිරිම කතාවක් අරගෙන.මම චාමල් කැලුම් අතපත්තු. ‘yellow sea‘ බලන්න ඇති කියල හිතනව හැමෝම.ඒ වගේම ඒකට අදහස් ප්‍රතිචාර දීපු හැමෝටමත් ස්තූතියි.මම හැම comment 1 ක් ම කියවනව අනිවාර්යෙන්ම.මොකද ඒකෙන් ලැබෙන සතුට දන්නෙ සබ් කරන අයම තමයි.ඒ නිසා comment කරපු හැමෝටම ආයෙත් සැරයක් ස්තූතියි.ගිය පාර 18+ කතාවක් ගෙනාපු නිසා, මෙදා සැරේ ගෙනාවෙ 16+ \ imb අගය 7.1 ගත්තු 2015 ආපු කොමඩි  movie එකක් .ගැහැණු පිරිමි  හැමෝටම එක තත්පරයක්වත් මග ඇරගන්නෙ නැතුව බලන්න පුලුවන් කතාවක්.මේක මම බලපු හොදම කොමඩිය කියන්න පුලුවන්. බඩ රිදෙනකන් හිනා වෙන්න පුලුවන් කතාවක්.මම නම් 4 පාරක්ම බැලුව.එච්චරකට ආස හිතෙනව ඒක බලන්න.මම විතරක් බලල හිනා වෙන එකේ ඒක තව කෙනෙක් එක්ක බෙදා ගන්න ඕනෙ කියල හිතල තමයි සබ් එක කරේ.. ‘twenty‘ තමයි නම. මේක මගෙ තුන්වෙනි උපසැරසිය. කොමඩියක් වුනාට පොඩි  romantic ලයින් ටිකකුත් යනව.මේකෙ තියෙන්නෙ තමන්ගෙ විසි වෙනි අවුරුද්දෙ ඉන්න අපි වගේ කොලු ගැටයො තුන් දෙනෙක්ගෙ කතාවක්.ඔයාලත් දැන් වැඩිමල් නම් ඔයාලට අවුරුදු විස්සෙදි කරපුව මතක් වෙද්දිත් පිස්සු වගේ ඇතිනෙ නේද?දැකල පුරුදු මූණු තියෙනව මේකෙ. කතාව කියන්න අකමැති වුනත් ටිකක් කියන්නම්.

Chi-Ho (Kim Woo-Bin), Dong-Woo (Lee Joon-Ho) සහ  Gyung-Jae (Kang Ha-Neul) කියන්නෙ ඉස්කෝලෙ ඉදන්ම හොදමයාලුවො තුන් දෙනෙක්.දැන් මෙයාල ඉන්නෙ  විසි වෙනි අවුරුද්දෙ.කොහොමද තුන් දෙනා set වෙන්නෙ කියලත් තියනව.

Chi-Ho කියන්නෙ පෝසත් ඩයල් එකක්.ඉගෙන ගන්නෙම නෑ.චී හෝ ට ගෑණු ලමයෙක් ඉන්නව, So-Min (Jung So-Min),ඒත් මූ හිතන්නෙම අනිත් කෙල්ලො  ගැන. පොඩි කේස් එකක් වෙලා Chi-Ho ට නිලියක් වෙන්න ඉන්න Eun-Hye (Jung Joo-Yeon) හම්බෙලා එයත්  එක්ක ඉන්න වෙනව ටික කාලයක්.

Dong-Woo දගලන්නෙ චිත්‍ර කතා අදින්න.ඒත් උගෙ පවුල බංකොලොත් වෙලා හින්ද මූ පාර්ට් ටයිම් කර කර ආයෙම ඉස්කෝලෙ යනව.. So-Hee (Lee Yoo-Bi) කියන්නෙ Gyung-Jae ගෙ නංගි.එයා මෙයාට කැමැත්තෙන් ඉන්නෙ.

Gyung-Jae කැම්පස් එකට අලුතින් යනව.ඌ හිතන්නෙ හොද රස්සාවක් කරන්න තමයි ඉගෙන ගෙන. Gyung-Jae ට හම්බෙනව අක්ක කෙනෙක් , Jin-Joo (Min Hyo-Rin), මෙයා මේ අක්කට ලව් කරනව හිතෙන්. අක්කලට ලව් කරන අය ලංකාවෙත් ඉන්නවනෙ…

මේ තුන් දෙනාට මොන මොනවද වෙන්නෙ කියල ඔයාලම බලන්න.මම යන්තමින් කිව්වෙ මෙයාල ගැන.ඒ වුනාට තුන් දෙනාම ඉන්නෙ එකට.ඒ නිසා වැඩියෙන්ම හිනා යන්නෙ කවුරු හින්ද කියලද හිතා ගන්න බෑ.මේකෙ තරුණ අපි  කරන හැම දෙයක්ම තියනව.තම තමන් හිතා ගන්න මොනාද කියල.පටන් ගත්ත වෙලාවෙ ඉදල විනාඩි 115ක්ම හිනා වෙවී බලන්න පුලුවන් කතාවක්.එක තත්පරයක්වත් අහක නොදා බලන්න කියල මං නම් කියන්නෙ.මං හතර වෙනි කතාවත් අරගෙන ඉක්මනින්ම එන්නම්..

බුදු සරණයි!      බායි!

Twenty (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

Twenty [2015] Korean 720p HDRip x264 760MB Esub [ZOOM.LK]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>