ඔන්න ඉතින් අර ස්ටාර්ලින් මුහුදු බොක්ක පිරිසිදු කරන්න නගරයේ හැමෝම ඔලිගේ කිමට කැමති වෙලා ආවා. ඒත කවුරුවත් නොහිතපු විදියට එතනට ඩ්‍රෝන් යානයක් ඇවිත් හැමෝටම පහර දුන්නා. පේන විදියට මේකත් ඩාර්ක්ගේ වැඩක් වගේ. මොකද එයා මේ බොක්ක පාවිච්චියට ගන්නවාට කොහොමටත් කැමති නෑ. මේ නිසා ඔලිවර්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා එයා ඩේමියන්ව හොයාගන්න හැමදේම කරනවා. ඒ නිසා ජෝන්ට කියනවා එයාගේ මල්ලි ඇන්ඩිට කතා කරලා මේ ගැන දැනගන්න කියලා. හැබැයි ඉතින් ඇන්ඩි නම් කිසිම විස්තරයක් දුන්නේ නෑ. ඒ මදිවට එයා අර කලා කිව ආයුධ ගණුදෙනු කලා කියලා එයා පිලිගත්තා. ඒ වැඩෙත් හරියන්නේ නැති නිසා ඔලිවර් මේ හැමදේම කරන්නේ ඩේමියන් ඩාර්ක් කියලා ටිවි එකෙන් කිවා.
ඒ වැඩේට නම් ඩේමියන්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා එයා ඔලිවර්ලගේ නත්තල් පාටියට කඩාගෙන පැන්නා. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට ගහලා තියාවයි, ෆෙලසිටිවයි, ජෝන්වයි අරගෙන ගිහින්. ඒ නිසා ඔලිවර් ගෝස්ට්ලට ගහලා එයාලා ඉන්න තැන හොයාගන්න හදනවා. ඒත් එයාට බැරිවෙනවා. කොහොම හරි මැල්කම්ගේ උදව් ඇතිව ඔලිවර්ට ඩේමියන්ව මුනගැහනේන පුලුවන් වෙනවා. ඉතින් ඩේමියන් එයාගේ තැනට ඔලිවර්ව එක්කගෙන යනවා. එතනදි එයා විෂ වායු කුටිරයක් ඔලිවර්ට පෙන්වනවා. ඒ වගේම ෆෙලසිටිට එහෙම කතා කරන්නත් පුලුවන් වෙනවා. ඒත් නොහිතපු විදියට ෆෙලසිටිලා එහෙම අර විෂ වායු කුඩුවට දාලා මරන්න හදවා. හැබැයි ඉතින් මැල්කමුයි ලයිලයි ඇවිත් එයාලව බේරාගන්න එනවා. මැල්කම් එන්නේ ඇරෝ විදියට වෙස්වලාගෙනයි. ඉතින් කොහොම හරි එයාලා එතනින් පැනගන්නවා. ඒ මදිවට ඇතුලේ ඩේමියන් ඉද්දි ඒ තැන පුපුරවලාත් දානවා. හැබැයි ඉතින් එයා ඒකෙන් බේරිලවා වගේ. ඒ වගේම ඩේමියන් කරන දේ ගැනත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලුවන් වෙනවා.
අන්තිමේට ඔලිවර් නත්තල් වෙනුවෙන් පණිවිඩයක් දෙන්න ලැස්ති වෙනවා. ඒ වගේම එතන හැමෝගෙම ඉස්සරහා එයා ෆෙලසිටිට යෝජනා කරනවා එයාව කසාද බදින්න කියලා. ඉතින් මේ උත්සවය ඉවර වෙලා මෙයාලා යද්දි එකපාරටම ඔලිවර්ලගේ කාර් එක වට කරලා එයාලට වෙඩි තියනවා. හතර වටෙන්ම වෙඩි තියනවා. ඔලිවර් කොහොම හරි එතනින් පැන ගන්නවා. හැබැයි ෆෙලසිටිට වෙඩි වැදිලා ගොඩක් තුවාල වෙලා..
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
2637 downloads
<< Previous Episodes All Episodes Next Episode >>