ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් අටවන උපසිරැසිය අරන් ආවා. ඔයාල කවුරුත් දන්න King Kong. හැබැයි මම හිතන්නේ ඔයාල ගොඩක් අය දන්නේ 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටිය (බයිස්කෝප් එකෙත් ඒකට සිංහල උපසිරසි දීල තියනවා). ඉතාමත් සුළු පිරිසක් තමා මේ චිත්‍රපටිය ගැන දන්නේ. මේ චිත්‍රපටයේ නව නිර්මාණයක් විදියට තමා ඒ ඔයාල දන්න 2005 දි නිර්මාණය වෙච්ච චිත්‍රපටය හැදෙන්නේ. ඒ කියන්නේ මේ තමා මුල. IMDb අගය 5.8 ගත්ත සුපිරි කලාත්මක චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව. පවුලේ සියලු දෙනාටම බලන්න පුළුවන් එකක් වගේම කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්. පරණ උනත් ඒ කාලයේ තිබුන උපරිම තාක්ෂණය බාවිතයෙන් නිර්මාණය වෙච්ච එකක් හින්ද අලුත් චිත්‍රපටයක වගේම දර්ශන හොඳයි. අර ඇමරිකාවේ ගුවන්යානා වැදිලා විනාශ වෙච්ච ලෝක වෙළඳ මද්‍යස්ථානය මේ චිත්‍රපටයේ ඔයාට දැකගන්න පුළුවන්. මොකද අවසන් දර්ශනය රුගත වෙලා තියෙන්නේ එතන.
කතාව ගැන කියනවනම් තෙල් කොම්පැනියක් හොයා ගන්නවා මුහුද මැද්දේ දුපතක් මේ දක්වා පිටින් මිනිස්සු ගමන් නොකරන ලද. එයාල හිතන්නේ එකේ ඛනිජ තෙල් තියනවා කියල. ඉතින් ඒක ගැන හොයන්න ඒ දුපතට යන අතරේ එයාල වෙනින් නැවක් අනතුරට පත් වෙච්ච තැනකින් තරුණියකුත් බේර ගන්නවා. දුපතට ගියාම එයාල දකිනවා ඒකෙ ගෝත්‍රිකයන් ජීවත්වෙන බවත් එයාල තරුණියන් සුවිසල් ගොරිල්ලෙක්ට බිලි දෙනවා කියලත්. ඉතින් කොහොමහරිඑයාල බේර ගත්ත තරුණියත් පැහැරගෙන ගිහින් බිලි පුජාවට තියනවා. ඉතින් මේ කණ්ඩායම එයා බේර ගන්නවා විතරක් නෙවි, මේ ගෝරිල්ලා අල්ලන් ඇමරිකාවට අරන් යනවා ප්‍රසංගයක් තියන්න. ඉතින් එතනින් ගෝරිල්ලා පැනලා යනවා. ඉතින් මොනවද වෙන්නේ ඌ ආපහු දුපතට යනවද මොනවද වෙන්නේ කියල බලන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.
මම ඊළගට දෙන්නෙත් ටිකක් පරණ ඒත් කලාත්මක චිත්‍රපටයක්. මොකද මම දැක්කා ඔයාල ගොඩක් අය පරණ කලාත්මක චිත්‍රපටවලට කැමැත්තක් දක්වනවා කියල. ඉතින් මම ඔයාලට පුළුවන් විදියට මේ වගේ පැරණි චිත්‍රපට අරන් එන්නම් ඉඳල හිටලා හරි, මම ඊළඟට දෙන්න හදන එක වගේ. ඒක ටාර්සන් ගැන කියවෙන චිත්‍රපටයක්. ගොඩාක් අය මේක ගැන දන්නේ නැ. ඒ හින්ද ඒක අරන් එන්නම් ඉක්මනට. ඇත්තටම පරණ චිත්‍රපට කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ගොඩක් ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ සුද්දගේ ආච්චිගේ, ඒ කියෙන්නේ පොතේ ඉංග්‍රීසි බාසාවෙන්. යාරයක් විතර දෙබසක් දිග වගේම තේරුම් ගන්න අමාරුයි තුන් හතර පාරක් කියවනකම්.
හොඳයි ඔන්න මම ගියා,.එන්න බලන්නම් ඉක්මනට කොහොම හරි. ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා.
බුදු සරණයි….!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
153 downloads