Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Musketeers [S03 : E01] with Sinhala Subtitles |ප්‍රංශ යුද්ධය හා ආගන්තුකයන්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Musketeers S3P1

ගිය අවුරුද්දේ දෙවැනි කතාමාලාව කරලා ඉවරයක් කලාට මං මේක කරනවා කියලා හිතුවේ නැහැ. අනික හිතුවෙවත් නැති මොහොතකයි මේක නිකුත් වුණෙත්. නමුත් ඉතින් මේක නොකරන එක අපරාදයක් කියලා හිතුන නිසා තුන්වෙනි කතාමලාවත් කරන්න හිතාගත්තා. මං මේ පළවෙනි කොටස කරද්දී නම්, මේ වෙද්දී කොටස් හයක් විකාශය වෙලා නම් ඉවරයි. පුළුවන් ඉක්මණින් දෙන පොරොන්දුවට කතාව පැත්තට හැරෙමු එහෙනම්.

දෙවැනි කතාමාලාවේ අවසානය හොද එකක් වුනත් ඔයාලා දකින්න ඇති අන්තිමේදී ඇරමිස් මස්කිටියර්ලා කණ්ඩායමෙන් වෙන් වුණා. එයාට එයාගේ හැමදේම නැතිවෙන්න පටන්ගැම්ම් නිසාම. විශේෂයෙන්ම එයා ආදරය කරපු හැම කෙනෙක්ම එයාට නැති වුණා. රැජිණ වුණත්, එයාටත් ගොඩක් කරදර වළට මුහුණ දෙන්න වුණා මතකනේ. ළමයා ලුවී රජතුමාගේ නෙවෙයි කියලා මොන තරම් නම් දේවල් වුණාද. ඒ සිද්දිය කී දෙනෙක් නම් දැනගත්තද. ඒක වහන් කරලා මොකුත් නොවුන තත්වයට පත්කරන්න කොයි තරම් දහ දුකක් වින්දද. ඇත්තටම ඉතින් ළමයා එයාගේ . :p ඒකෙන් වැඩක් නෑ ඇරමිස් යනවත් එක්කම සංදේශයක් ඇවිත් මොකද්දෝ මන්දා ආරම්භයක් ගත්තා දකින්න ඇති. සමහර දෙනෙක් නම් හරියට අනුමාන කළා ඒක යුද්ධයක ආරම්භයක් කියලා.

ඔව්, යුද්ධයක් තමයි. ඒ තමයි ප්‍රංශ යුද්ධයේ ආරම්භය. ඇරමිසුත් නැතිව පෝතෝස්, ඩාටේනියන්, ආතෝස් මේ යුද්ධයට පැරිස් වලින් ගිහින් සටන් වදිනවා. නමුත් මේ මස්කිටියර්ලාගේ හමුදාවට සටන් වදින්න ඕනේ කරන වෙඩිබෙහෙත් සැපයුමක් මොකද්දෝ මන්දා හේතුවක් නිසා නොලැබුණු නිසා යුද්ධය පරදින්න ගිහින් කොහොමහරි අන්තිමට ජයගන්නවා. මේ වෙඩිබෙහෙත් පිටිපස්සේ ලොකු ජාවාරමක් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ වෙඩි බෙහෙත් ස්පාඥ්ඥ කාරයින්ට විකුණන්නයි සුදානම. මේක පිටිපස්සේ වෙනම මිනිහෙක් ඉන්නවා හමුදාවේ අණදෙන නිලධාරියා හා සම්බන්ධ කෙනෙක්. අද කතාවේ අමුත්තෝ ගොඩයි. පැරිස් වලට තවත් තදයෙක් ඇවිත් එහෙමත් නැත්තම් මේ තුන්වෙනි කතා මාලාවේ දුෂ්ටයා. ඒ තමයි ෆෙරෝන්. එයා තමයි පැරිස්වල අළුත් ආණ්ඩුකාරවරයා හා රතු බටයන්ගේ අණදෙන්නා. මයේ හිතේ කට්ටිය දැන් මේක බලන්න ඇති. මොකද දැන් ටික දවසක් වෙනවනේ මේක විකාශය වෙලා. ඒ හන්දා මං තවත් ලිපිය ලියන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ. මේක දැක්කම බලාපොරොත්තු තියාගෙන ඉන්න. මොකද ඉතිරි කොටස් පුළුවන් ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්. ඒ නිසා රැදිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් සමග.

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

 

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E01.Spoils.of.War.1080p.WEB-DL.AAC2.0.H264-ViSUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                       Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles