Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Batman: Bad Blood (2016) with Sinhala Subtitle|බැට්මෑන්ගේ අවසානය?? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

මේ අවුරුද්දට හා හා පුරා කියලා කරන පලවෙනි ෆිලුම මේක. ඒකත් DC Comics වල ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් කොහොමත් ඇනිමේෂන් වලට ආසයිනේ. ඒත් ඉතින් මේක කරන අතරේ පොඩි පොඩි ප්‍රශ්න නිසා ප්‍රමාද වුණා. මොකද මේක කරන අතරේ මේකේ සබ් එකේ ටයිම් ලයින් මැද්ද අවුල් ගිහින් තිබ්බා. භාගයක් කරනකොට තමයි ඒක දැක්කේ. පස්සේ වෙන සබ් එකක් අරන් කරගෙන යද්දී සුපර්නැචුරල් ආවා. ඉතිං ඒ එපිය දෙන්න වුණා. ඒක ඉවර වෙද්දී මේකේ බ්ලුරේ ඇවිත්. ඔන්න ඕක නිසයි ප්‍රමාද වුණේ. ප්‍රමාදයට කණගාටුව.

මේක නිකුත් වුණේ 2016 ජනවාරි 19 වෙනිදා. Animation ගණයට වැටෙන මෙම චිත්‍රපටය IMDb දර්ශකය තුල 7/10 ක් අරගෙන තියෙනවා. විනාඩි 72 ක් පුරාවටම දිවෙන මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුට නැරබිය හැකි තත්වයේ තියෙනවා. ඒවගේම තමයි මේකේ වැඩි විස්තර ඕනේ නම් Comic Script එකෙන් දුන්න පෝස්ට් එකට ගිහින් බලන්න. එයාලත් හොද විස්තරයක් දීලා තියෙනවා. මේකේ ඉන්න චරිත ගැන කියනවනම්, බැට්මෑන්, නයිට්වින්ග්, බැට්වුමන්, රොබින්, බැට්වින්ග්.

මෙවර චිත්‍රපටය නම් හිතුවට වඩා වෙනස්ම පැත්තකට හැරෙනවා. ගෝතම් වලට තවත් මැර කල්ලියක් කඩාවදිනවා. හැබැයි ඒ අය හැමෝම වැඩ කරන්නේ අළුත් ලොක්කෙක්ට. බැට්මෑන් හා බැට්වුමන් දෙන්නා සටන් කර කර ඉන්නකොට එකපාරටම මේ දෙන්නට ඒ කට්ටියව පරාද කරගන්න බැරි වෙනවා. ඒ මැර කල්ලියේ හිටපු කෙනෙක් ඒ තැන පුපුරවලා දානවා. බැට්වුමන් නම් වතුරට වැටිලා බේරෙනවා. ඒත් ඇය හිතන්නේ බැට්මෑන් මැරුණා කියලා. ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ එහෙමයි.මොකද බැට්මෑන් එලියට ආවෙත් නැහැ. මේ නිසාම ඔහුගේ කම්පනියේ අය හොයනවා ඔහු කොහෙද කියලා. නමුත් ඇල්ෆ්‍රඩ් එයාලව නොමග අරිනවා. ඔහු නැවත එන පාටක් නැති නිසා ඇල්ෆ්‍රඩ් උදව්වට නයිට්වින්ග්ව ගෙන්නනවා. ඒ අතරේ ඩේමියන් [රොබින්] මේ ගැන දකිනවා. හැමෝම දන්නවා ඇතිනේ ඩේමියන් ඉන්නේ හිමාලයේ කියලා. Batman vs Robin බලපු අයටනම් ඒක අමතක වෙන්න විදිහක් නැහැ. මොකද කතාව අන්තිම හරියේ එයා ගියානේ හිමාලයට. නමුත් කොහෙද කියලා පෙන්නුවේ නැහැ. නමුත් එයා ඉන්නේ පන්සලක. මෙයත් මේ බැට්මෑන් නැති වුන බව දැනගෙන ආපහු එනවා. ඒත් ඉතිං එහෙ දේවල් සරල නම් වෙන්නේ නැහැ. ගොඩක් සංකීර්ණයි. බැට්මෑන් ජීවතුන් අතර ඉන්නවා නමුත් එයාව පැහැරගෙන ගිහින්. ඒත් ඒ කවුද? එතකොට මේ බැට්වුමන්ගේ යටගිය අතීතය මොකද්ද? මේ කල්ලියේ අළුත් නායකයා කවුද? බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය..!!! සුභ සතිඅන්තයක්..!!

Batman: Bad Blood (2016) on IMDb

 

 

570 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0C76B53107C0FC916E01EA5E056098F5B93E9D60

1.30 GB (HD) කොපිය මෙතනින් බාගන්න

5F923AE4F9F509D9D0ECFAFBEF7EAA90B500367F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>